සුදු කටරොලු ...11

928 163 8
                                    

සුදු කටරොළු ....11

කාර් එක පන්තිය ලග නතර කරහම සචින් සහස්ගෙ බෑග්  එකත් අරන් එලියට බැස්ස...
සහස්ගෙ එහාපැත්තේ වාඩිවෙලා හිටපු කවීත් කාර් එකෙන් එලියට ආව...
කවී ඇවිල්ල සහස්ගෙ පැත්තෙ දොර ඇරිල හිමින් සැරේ පාත් වෙලා  සහස්ගෙ උරහිස්සට අත දාල සහස්ව ඇගට බරකරගෙන කාර් එකෙන් එලියට ගත්තා..

සහස් එලියට ආවට පස්සෙ සචින්  කාර් එකේ දොර වැහුව...
සහස් එක කකුලකින් කවීගෙ ඇගේ එල්ලිලා හිටිය..
සචින් සහස් ලගට ගිහිල්ල සහස්ගෙ අනෙක් අතිනුත් අල්ලල එයාගෙ උරහිස්සට තියාගත්තා ......

හිතට දැනුනු  කවීගෙ සහෝදරත්වයයි.. සච්න්ගෙන් දැනුනු නමකින් කියන්න බැරි අපූරු බැදීමයි නිසා සහස්ගෙ ඇස් වලට කදුලු බින්දුවක් ආවෙ නොහිතාම...

" මොකද බන් කරන්නෙ උනහපුලුවා වගේ ඇස් ලොකු කරන්නෙ ඉන්නෙ නැතිව වරෙන් යන්න දැන් පන්තිය පටන් ගනී..."
කවී ඔරවගෙන කියද්දි සහස්ගෙ මූනට ලස්සන හිනාවක් ආව...

...........................................................
" කවී උබ අදත් ඉන්නව නේද අපේ ගෙදර..."

"අනේ බැහැ බන් අද නම් මන් යන්න ඕනි බන් අම්මල අද ඇවිල්ල  මන් යන්න ඕනි..."

කවීව මගින් දාල කාර් එක සහස්ගෙ  ගෙවල් පැත්තට ගියා..
කාර් එක ගේ ඉස්සරහ නතර කරහම  කාර් එක ඩ්‍රයිව් කරන් ආපු ආමි එකේ අයිය ඩයිවින් සීට් එක පැත්තෙ දොර ඇරගෙන එලියට ආව...
එතකොට සචිත් එලියට ඇවිල්ල සහස්ගෙ පැත්තෙ දොර ඇරලත් ඉවරයි ...

සචී පහත් වෙලා සහස්ව උස්සල ගන්න හදද්දීම  වගේ  අර අයිය එතනට ආව...
" මල්ලි.. ඉන්න මන් උදව් කරන්නම් ...."
"මට පුලුවන් කැලුම් අයියෙ එයාව ගන්න අවුලක් නැහැ..."
" කමක් නැහැ මන් ගන්නම් ඔයා ඉන්න..."
එහෙම කියල එයා සහස්ව එක පාරින්ම එලියට ගත්තෙ සහස්ගෙ බර ගානක් නැහැ කියල .. කටින් නොකිව්වට සචින්ගෙ මූනෙ නිකන්  අසතුටු ගතියක් තිබ්බ... ඒත් ඒක කවරුත් දැක්කෙ නැහැ..
කොහොම හරි කැලුම් අයිය සහස්ව උඩ රූම් එකටම අරන් ගියා...
...................................................

" තෑන්ක්ස් අයියෙ..."
" ඕක මොකක්ද  මල්ලි..."
සහස්  කැලුම් අයියට තෑන්ක් කිව්වට පස්සෙ එයා හිනා වෙලා කාබරෙන් එලියට ගියා...
සචින් එතකොටම වගේ කාබරේට  ආව...

සුදූ කටරොලු...Where stories live. Discover now