සුදු කටරොළු 31

697 124 6
                                    

සුදු කටරොළු....31

සහස් තරහින් ඉන්නව කියල දැනුන නිසා කවී ගෙදර යනව වෙනුවට ආපහු කාර් එක හරවල පේරාදෙණිය පැත්තට යන්න ගත්ත..
අවුරුදු ගානක් මේ පාරෙ ගිහිල්ල තියන පුරුද්දට එහෙම මෙහෙන් අස්සෙන් දාල කැම්පස් එක ලගට ආවහම සහස්ට තේරුනා කොහෙද මේ යන්නෙ කියල..

" මොකෝ හොර පූස වගේ බලන් ඉන්නෙ..."
සහස් අමුතු විදිගට බලන් ඉන්න නිසා කවී හිනාවෙලා ඇහුව..

ඉස්සර දෙන්නම හීන මවපු දෙයක් තමයි ඒ ලෙවල්ස් හොදට කරල දෙන්න එක්කම පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට වෙන් එක...
දෙන්නම ඒ හිනෙ හැබෑ කරගන්න ගොඩක් මහන්සි උනේ ඒත් ඇත්තටම ඒ හීනෙ හැබෑ උනේ කවීගෙ පැත්තෙන් විතරයි..
සහස් ඒ ලෙවල් රිසාල්ට් එන්නත් කලින් ලන්කාවෙන් යන්න ගියා.. කවී මෙහෙ ඩොක්ට කෙනෙක් වෙන්න ස්ටඩීස් පටන් ගනිද්දි සහස් නන්නාඳුනන රටක තනියම ඉගෙන ගන්න පටන් අරන් තිබ්බ.
සහස් ගොඩක් කලාතුරකින් තමා ඒ දවස් වල කවීට කතා කරේ ඒ කතා කරපු වෙලාවට කවී වීඩියෝ ඔන් කරල සහස්ට කැම්පස් එකේ විස්තර කියන්න යාලුවන්ව මුන ගස්සන්න අමතක කලේ නැහැ..

හැබෑ කරගන්න බැරි උන ඒ හීනෙ එහෙන මෙහෙන් කෝලෙ එක අතරින් දකිද්දි මූන දුකින් පෙරෙනව කීප පාරක්ම කවී දැකල තිබ්බ ඒකයි කවී කාර් එක කැම්පස් එක ලගට අරගෙන ඇවිල්ල නතර කලේ
.......................................................

කවී එක්ක සහස් කැම්පස් එක පුරාම ඇවිද්ද කවී නිසා ඒකට අවස්තාව සහස්ට ලැබුන...
දෙන්න එක මුලු ෆැකල්ටි එක පුරාම ඇවිදින කොට සහස් පොඩි එකෙක් වගේ කවීගෙ අතෙන් අල්ලගෙන යද්දි කවීට මාර ආඩම්බර කමක් දැනුන..
ලෝකෙන්ම ලස්සනම කැම්පස් එකක් විදිහට පේරාදෙණිය කැම්පස් එක ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ නිකන් නෙවෙයි කියල සහස්ට දැක්ක ගමන් හිතුන..
හැම ගහකම් වගේ මල් පිරිල පුදුමාකාර ලස්සනක් කැම්පස් එක පුරාම තිබ්බ..
හිතේ සතුට පිරිල යද්දි එක කොනක පුංචි දුකක් තිබ්බෙ තමන්ට මේ හැම දේම මග ඇරුන නේද කියල හිතේ කොනකින් කෑ ගහල කියන්න ගත්ත නිසා...
තමන්ට වඩා ජූනියර් මල්ලිල නංගීල ෆැකල්ටි එකේ එහෙ මෙහෙ යද්දි කවීව දැකල ඇවිල්ල කතා කරද්දි කවී සහස්ව එයාගෙ හොදම යාලුව කියල අදුන්නල දෙද්දි සහස්ට මාරම සතුටක් දැනුන...

සුදූ කටරොලු...Where stories live. Discover now