සුදු කටරොළු..... 37

876 123 10
                                    

සුදු කටරොළු .....37

අම්මො  මටනම් පට්ට මහන්සියි..."
මේඝ ක්වාටස් එකේ තියන සෝෆා  එක උඩට කඩාගෙන වැටෙන ගමන් කිව්වෙ...

" වැඩක් නෑ බන් කතාකරල  අනික පුදුම රස්නයක්නෙ තියෙන්න අද හවසට වහී වගේ..."

කවී ශර්ට් එකේ උඩ බොත්තමක් ගලවල ශර්ට් එක ඇතුලට කටින් හුලන් පිබ පිබ කිව්ව..

" අඩො මන් අදනෙ දන්නෙ උබ අනාගතය කියනව කියල.... බැරිද මගෙ අනාතය ගැන පොඩ්ඩක් කියන්න..."

මේඝ කවීව ඔරොප්පු කරන්න හිතල කියද්දි සචින් සෝෆා එකේ එක පුටුවක් උඩට වෙලා ඔහේ මේ පිස්සො දෙන්නගෙ පිස්සු වැඩ බලාගෙන හිටියෙ හිනාවෙන්න වත් පන නෑ කියල හිත හිත...

" ඒ කෝ බන් සහස්..."
මේඝ ඇහුවෙ ටික වෙලාවක ඉදල සහස්ව දැකපු නැති නිසා..

" තවම  වෝඩ් එකේ තව ටිකකින් එන්නම් කිව්ව.."
සචින් කියද්දි කවීට පොඩි ඉරිසියාවක් දැනුනෙ නැත්තෙම නෑ

සචින් එක්ක සහ්සුත් මේ හොස්පිටල් එකට වැඩ කරන්න ඇවිල්ල මාස තුනකට කිට්ටුයි දැන්..
මාස තුනක් ගෙවුනත් ඒ කාලෙ ගෙවුන වේගෙ හිතාගන්න වත් බෑ කියල කවීගෙ හිත කිව්ව..

සහස් සචින් එක්ක වැඩ කරන්න ගද්දි කවී ඒකට කැමති උනේ නැත්තෙ සචින් නිසා සහස් කොයි තරම් ඇඩුවද කියල දන්න නිසා.. ඒත් සහස් සචින් එක්ක සැහැල්ලුවෙන් ප්‍රශ්න ඇති  නොකරගෙන වැඩ කරන විදිහට කවිගෙ ඒකට තවත් අකමැති උනේ නැහැ අනික සහස්ව එයාගෙන් ඈතට යනවට කවී තත්පරයක් වත් කැමති උනේ නැහැ...

සහස් කොයි තරම් සැහැල්ලුවෙන් සචින් එක්ක වැඩ කරත් ඒ දෙන්නම ලග පුලුවන් හැම වෙලාවකම ඉන්න්න කවී අමතක කරේ නෑ...
කවී එයාටම කිව්වෙ සහස්ව සචින් රිද්දන එක නතර කරන්න උබ එයාල එක්ක ඉන්න ඕනි කියල ඒත් කවී හිතට තට්ටු කරල අහද්දි කවීටම දැනුන ඒකට එකම හේතුව සහස්ගෙ සතුටම විතරක් නෙවෙයි කියල...

සහස් සචින්ට කොයි තරම් නම් ආදරේ කරාද කියල කවී හොදටම දන්නව  ඒ ආදරේ ලේසෙයෙන් අමතක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියල කවී දැන්නන් ඉදිය ඒක නිසාමයි සහස් වෙනුවෙන් කවී එයාගෙ ආදරේ හිතේ හිර කරන් ඉදියෙ...
කවීගෙ හිත කිව්වෙම සහස්ව උබට අයිති වෙන්නෙ නෑ එයා කවදහරි සචින් ලගට යනව ඒක නිසා උබ දුරස් වෙලා ඉදපන් කියල ඒත් සහස් ලගදි කවීට එයාව පාලනය කරගන්න බෑ කියල කවීට දැනුන...
සහස් ලගට එන හැම මොහොතකම කවීගෙ හිත ආදරෙන් පිස්සු වැටිල සහස්ගෙ උනුහුම හොයද්දි කවී ගොඩාක් අසරන උනා..
ඒ දැනෙන හැගීම් දරාගන්න බැරි උනහම සහස්ගෙ උනුහුමට තුරුල් වෙලා කටින් නොකිය ඇස් වලින් ආදරෙයි කිය කිය ඉන්නව හැර දෙයක් කරගන්න බැරි වෙද්දි කවීට මැරෙන්න තරම් හිතුන...

සුදූ කටරොලු...Where stories live. Discover now