සුදු කටරොළු 32

744 131 8
                                    


සුදු කටරොළු ...32


"මල්ලි.... උබ අපේ චූටිට ආදරේ කරනවද මල්ලි..."

ලොකු අයිය එහෙම අහද්දි එක පාරටම කවීව ගැස්සිලා ගියා..

  අයිය ඉස්සරහ හිටියත් ඔලුව කෙලින් කරල අයිය දිහා බලන්න මහ ලැජ්ජාවක් දැනුන නිසාත් කරගන්න  වෙන දෙයක් නැති නිසාමත්  අතේ තිබ්බ කෝපි මග් එක තවතතින් තද කරන ගමන් බැල්කනි එකේ එහායින් පේන කදුයාය දිහාට හැරුන...

" මල්ලි.... මට කතාකරපන් බන්..."
  ලොකු අයිය ඉදපු තැනින් නැගිටල කවී ලගට ඇවිල්ල අහද්දි තවත් කරගන්න මොකක්ද කියල හිතාගන්න බරුව කවි ගල් උනා...

"අනේ මට සමාවෙන්න අයියෙ ..."

හිතේ ඉතුරුවෙලා තිබ්බ අන්තිම දහිරිය ටික වචන වලට එකතු කරල වෙව්ලන කටහඩෙන් කියන ගමන් කවී බිම බලාගත්තා...

" මට සමාවෙන්න අයියෙ  .. ...

මන්  සහස්ට ආදරේ කරන්ව තමා.. ඒ ආදරේ කවද පටන් ගත්තද  ,කොහොම පටන් ගත්තද කියල මන් දන්නෙ නැ අයියෙ ඒත් මන් එයාට ආදරෙයි අයියෙ ජීවිතයේ කාටවත් ආදරේ කරාට වඩා මන් සහස්ට ආදරෙයි අයියෙ..."

එක දිගටම කියාගෙන ගිහිල්ල කවී කතාකරන එක නැවැත්තුවෙ තවත් කතාකරන්න තරම් හිතට හයියක් නැති නිසා ...
ආපහු ජීවිත කාලෙ පුරාවටම අයියගෙ මූන දිහා කෙලින් බලන්නම් වෙන්නෙ නෑ කියල කවීගෙ හිත කියද්දි ඕනි දෙයක් වෙන්න කියල කවී බිම බලන්න ඉදිය..
හිතේ එක පැත්තක්නම් කිව්වෙ ඔතනින් පලයන් නැත්නම් අම්බානෙකට කන්න වෙන්නෙ කියල ඒත් හිත කෑ ගැහුවත් අයිය ලගින් අයින් වෙලා යන්න තරම් හයියක් කවීට තිබ්බෙ නෑ...

එක පාරටම යන්තම් කොන්ඩෙ මොකක් හරි වැදුන නිසා කවී ඇස් පියාගෙනම ඔලුව ඉස්සුවෙ ගැහුවොත් ගුටි කනව කියල හිතන්...

කවී ඇස් තද.. කරගෙන තොලත් හපාගෙන කාගෙන ඉදිය ඒත් ගහන පාටක් නම් නෑ වගේ...

තව ටිකක් වෙලා බලන් ඉදපු කවී හිමින් සැරේ ඇස් ඇරල ඉස්සරහ ඉන්න අයිය දිහා යාන්තමට බැලුව...

අයිය දිහා බැලුවෙ කවී බයෙන් බයෙන් වගේ ඒත් අයියගෙ මූන දකිද්දි ඒ හැගීම කොහෙද මන්ද ගියා..

සුදූ කටරොලු...Where stories live. Discover now