සුදු කටරොළු 24

736 124 6
                                    

සුදු කටරොළු ...24

" ගුඩ් මෝනින් චලන... ඔන්න මම අද පරන යාලුවෙක්වත් එක්කන් ආව..."
එහෙම කියන ගමන් අයිය කැබින් එකේ දොර ඇදගෙන කැබින් එක  ඇතුලට  ගියා...
සහස් චලන දිහා බලන කොටම වගේ චලනත් සහස් දිහා බැලුව...
" ගුඩ් මෝනින් සර්..."
" ගුඩ් මෝනින් ...."
චලන් කිව්වහම සහස් යන්තම් වචන දෙකක් ගැටගහගෙන කිව්ව...
ඒත් චලනට කෝල් එකක් ආපු නිසා සහස් එක්ක කතා කර කර ඉන්න උනේ නැහැ එයා එක්ස්කියුස් කරල කෝල් එක ආන්සර් කරන්න ගියා... සහස් තව තප්පර ගානක් එතන ඉදල දොර ඇරන් කැබින් එකට ගියා...
....................................................................

කැබින් එක් ඇතුලෙ ඉදන් අයිය කෝල් එකක් .. සහස් ඒක ඉවර වෙනකම් ඉස්සරහ තිබ්බ පුටුවෙ වාඩිවෙලා හිටියෙ නොයිවසිල්ලෙන්...

"ලොකූ ඒ චලන නේද්... එදා මාව හොයාගත්ත එක්කෙනා..."

" එයා මොකක්ද මෙහෙ කරන්නෙ..."
" කවද ඉදලද...."
"ඇයි මට කලින් කිව්වෙ නැත්තෙ...."

අයිය කතා කරලා ඉවර උන හැටියෙ සහස් අයියගෙන්  අහගෙන් අහගෙන ගියා...

" හෝව් හෝව් හිමින්... දැන් මන් කෝකටද කලින්ම ආන්සර් කරන්න ඕනි...."
අයිය මූන හිනාවකින් පුරවන් කියන කොට සහස්ට ලැජ්ජ හිතුන..

" සොරි ලොකූ... මන් හිතුවෙ නැහැ එයාව මෙහෙදි මීට් වෙන්න .. මට එයාට කතා කරන්න ඕනි වෙලා තිබ්බෙ ගොඩ කාලෙකට කලින් ඒත් ඒකට විදිහක් හොයාගන්න බැරුව ඉදියෙ මම..."

" ඒකට කමක් නැහැ චූටි ...
එයා මගෙ ලග වැඩට ගත්තෙ ඔයා ලන්කාවෙන් ගිය ගමන්ම වගේ     ..
අපිට මෙච්චර උදව්වක් කරපු ඒ අහින්සකය වේටර් කෙනෙක් වෙලා ඉන්නව බලන්න මට බැහැ බන් අනික කොල්ල හෙන ටැලැන්ටඩ්.. මේ ජොබ් එක එයාට නිකන් දුන්නෙ නැහැ දුන්නෙ කොල්ලගෙ කොලිෆිකේශන්ස් වලට.. "

ලොකු අයිය කියද්දි සහස් ඇස් ලොකු කරන් බලන් හිටිය....
" තෑන්ක්ස් ලොකූ.....'

සහස් අයියට කිව්වෙ එච්චරයි ඒත් ඒ ඇස් වල තිබ්බ බැල්මෙ කියන්න ඕනි අනික් ඔක්කොම ලියවෙලා තිබ්බ කියල අයියට දැනුන ...
.............................................................
උදේ පටන් ගත්ත වැස්ස මෙච්චර වෙලා නැවතිලා තිබිල ආපහු වහින්න ගත්තා...
අයිය බෝඩ් මීටින් එක්කට ගිය නිසා සහස් අයියගෙ කැබින් එකට වෙලා ඉදන් එතන තියන ලොකු වින්ඩෝ එකෙන් එලිය බලන් හිටිය..
කොලබ අහස් කලු කරගෙන මහා හුලන් පාරක් එක්ක වහිනව...
වැස්සත් එක්ක මුහුදත් කැලබිලා එක පිට එක රැලි බිදි බිදී හරි අමුතුම ලස්සනක් එලියෙ මවල තිබ්බ..
ලොකු අයියගෙ කැබින් එක තිබ්බෙ හරියටම මුහුද පැත්තට ඕපන් වෙන්න ඒක නිසා ඒ හැම දේම සහස් බලන් හිටියෙ ගොඩාක් ආසාවෙන්...
වැහි බින්දු   ලොකු වීදුරු වින්ඩෝ එක දිගේ ගලාගෙන යද්දි පුදුමාකාර ලස්සනක් තියනව කියල සහස්ට දැනුන..
ඒ දිහා බලන් ඉන්නකොට සහස්ට දැනුනෙ මේ මුලු ලෝකෙන්ම එයා තනිවෙලා වගේ හැගීමක් ඒ හැගීමෙ පාලුවක් තිබ්බෙ නැහැ උනුහුම පිරුනු අමුතුම මිහිරියාවක් ඒ හැගීම පුරවල තිබ්බ...
කාලෙකට පස්සෙ දැනෙන ඒ සතුට මුහු උන පාලුව හිතේ හැටියට විදගන්න ගමන් සහස් ආසාවෙන් වැස්සත් තදේට හමන හුලගත්  ..
ඒ දෙකම එක්ක දග කරන මුහුද දිහාත් බලන් ඉදිය...
...............................................................

සුදූ කටරොලු...Where stories live. Discover now