සුදු කටරොළු ...28

746 128 15
                                    


සුදු කටරොළු ...28


සීතල අතක් සහස්ගෙ කම්බුල අල්ලනව වගේ දැනුන නිසා සහස් හිටපු නින්දෙන් ඇහැරුනා...
සහස් ඇහරුනත් ඇස් අරින්නෙ නැතුවම මෙ දැනෙන අමුතුම හැගීම හිත පුරා විදගත්තා ...
යන්තම් කම්බුල පුරාම දග කරපු සීතල ඇගිලි තුඩු හිමින් හිමින් කම්බුල් වලින් ඈත් වෙලා සහස්ගෙ තොල් දෙක ලග නතර වෙද්දි සහස්ට තවත් ඇස් පියන් ඉන්න බැරි උනා ...
සහස් යන්තමට ඇස් ඇරල බැලුවෙ මේ දකින්නෙ හීනයක්ද කියල..
.............................................................

සහස් ඇහැරිලා කියල දැකපු ගමන් කවී සහස්ගෙ ලගින් යන්තමට ඈත් උනා...
එහෙම ඈත්වෙන්න හරි හිත හදාගන්න කවීට ගොඩක් අමාරු උනා..
යන්තමට ඇස් පියාගෙන නිදාගෙන ඉන්න සහස්ගෙ මූනෙන් ඇස් අහකට ගන්න කවීට කෝමටත් බැරි උනා..
පැය ගානක් සහස්ගෙ මූන දිහා බලන් ඉදියත් එපා වෙන්නෙ නෑ කියලයි කවීගෙ හිත කිව්වෙ..
ඉවසන් ඉදලා ඉදල බැරිම තැන තමා කවී සහස්ගෙ මූන යන්තම ඇල්ලුවේ...
ඒ මූනෙ තිබ්බ සැහැල්ලු නිදහස් පෙනුම කවීව වෙනම ලෝකෙකට අරන් ගියා..
අවුරුදු ගානක් කවී සහස් එක්ක එකම ඇදේ කොයි තරම් නම් තුරුල් වෙලා නිදාගන්න ඇද්ද කියල කවී කල්පනා කරා..
හීතල දැනෙන වාර කීයක් සහස්ගෙ තුරුල්ලෙන් උනුහුම හොයන්න ඇද්ද කියලා කවී කල්පනා කරා..ඒත් ඒ කවදාවත් නොදැනුන හැගීම් ගොන්නක් සහස් දුර ගියාම දැණෙන්න ගත්තෙ ඇයි කියල.කවී කල්පනා කරන්න ගත්තෙ සහස් රට ගිය දවසෙමයි..

සහස් ලන්කාවෙන් ගියාම තමන්ගෙ ආත්මයෙ කෑල්ලකුත් නැති උනා වගේ කවීට දැනුන ..
පිස්සෙක් වගේ දගල දගල රස්තියාදු ගහ ගහ ජීවත් උන ඒ ජීවිතය අඩුවෙලා තමන් වෙනස්ම කෙනෙක් උනා කියල කවීට දැනුන..
ගෑනු ලමයිට විහිලු කර කර යාලුවො එක්ක ඔට්ටු දදා ගෑනු ලමයි එක්ක යාලුවුන ඒ සෙල්ලක්කාර කොල්ලට මොකක්ද උනේ කියල කවී හිතපු වාර ගාන අනන්තයි..
එකපාර ගෑනු ලමයි දෙතුන් දෙනෙක්ට ආදරේ දෙන්න පොරොන්දු දුන්න ඒව සේරම කවීගෙ ජීවිතයෙන් ඈතට යන්න ගියා කියල කවීට දැනුන..

අවුරුදු හතරක් විතර ආදරේ කරයි කියල හිතපු තමන්ගෙ සෙල්ලක්කාර කම හික්මවපු එකෙම ගෑනු ලමය උන චතූවත් තම්න්ගෙ ජීවිතයෙන් ටික ටික අයින් වෙනව කියල කවීට දැනෙන්න ගත්තා..

සුදූ කටරොලු...Where stories live. Discover now