සුදු කටරොළු 29

732 123 12
                                    

සුදු කටරොළු ...29

පාරෙදි ස්කූටර් එක  තමන් දිහාට ඇදිල එන්ව වගේ දැක්ක මොහොතෙ ඉදල වෙච්ච හැම දෙයක්ම සහස්ගෙ මතකෙ තිබ්බෙ නිකන් බොදවෙලා වගේ..

ස්කූටර් එක ඇගේ වදින කොටම වගේ සහස් පැත්තකට පැන්න වගේ යන්තම් මතකයක් තිබ්බ...

ඒත් හැම දේම වේගෙන් උන නිසා සහස්ට ඒ හැම දේම මතක තිබ්බෙ බොද වෙලා වගේ...
ඒත් එක්කම සහස් දැක්කෙ එයා දිහාට වේගෙන් එන කවීව...
 
..................................................................
ඒ වෙලාවෙ කවීගෙ මූනෙ තිබ්බ පෙනුමනම් කවදාවත් අමතක වෙන එකක් නැහැ කියලයි සහස්ට දැනුනේ...
සහස් කවදාවත් දැකල තිබ්බෙ නැහැ කවී ඒ තරම් බය වෙලාවත් කලබල වෙලාවත් ඉන්නව... මීට අවුරුදු ගානකට කලින් සහස් ගෙදර උඩම තට්ටුවෙ අයිනෙ කොනකට වෙලා ඉද්දි  කවී සහස් ලගට ඇවිල්ල බය වෙලා කතා කරද්දි වත් කවීගෙ මූනෙ එච්චර බයක් තියනව සහස්  දැක්කෙ නැහැ ...
................................................................
කවී එක්ක අයියත් සහස් ලගට දුවන් ආව... එයාල මොනවද සහස්ගෙන් ඇහුවත් සහස්ට ඒක හරියට තේරුනේ නැහැ..
සහස් ඒ ගැන හිතන එක නවත්තල අයියට කිව්වෙ බයික් එකේ ආපු කෙනා ගැන බලන්න කියල..
  ලොකු අයිය ඒ වෙලාවෙ සහස්ගෙ මූන දිහා බලල ඉට පස්සෙ ආපහු කවී දිහා බලල ඔලුව වනල බයික් එකේ ආපු කෙනා බලන්න යන්න නැගිට්ටෙ

'මගෙ පොඩි එකාව බලපන් බ්න් ..'
. කියල හිතෙන් කවීට කියන ගමන් ..
කවීත් අයිය දිහා බැලුවෙ ඒක තේරුනා වගේ...

...........................................................

තත්පර ගානක් යන්නත් කලින් එතනට සෙනග පිරෙන්න ගත්ත ..
කවී සහස්ව උස්සල අත් දෙකට ගනිද්දි සහස් කවීගෙ ඇග වටේට අත් දෙක යවල කවීව අල්ල ගත්තා..
...........................................................
ඉස්පිරිතාලෙට යනකම්ම සහස් හිටියෙ කවීගෙ ඔඩොක්කුවෙ  කවී සහස්ව තුරුල්ලෙන් අයින් කලේම නැහැ සහසුත් කවීගෙ ඇස් දිහා බලන්ම හිටියෙ ඒ ඇස්වල තිබ්බ බය උන පෙනුම දිහා...

ලොකු අයිය පිස්සෙක් වගේ වාහනේ අරන් යනව කියල සහස්ට දැනුන ...
සහස් කීප පාරක්ම අයියට කිව්ව හිමින් යමු කියල ඒත් කොහෙද මිනිහට ඒවා ඇහුන පාටක්වත් නෑ...
පොඩි අයිය වෑන් එකේ ඉස්සරහ අනික් සීට් එකේ ඉදන් බයික් එක එලවන් ආපු එක්කෙනා ගැන හොයල බැලුව...
කවී ගමන පුරාවටම සහස්ව තුරුල් කරගෙනමයි හිටියෙ කවීගෙ පපුවට හේත්තු වෙලාම ගිය නිසා සහස්ට දැනුන කවීගෙ පපුව ගැහෙන වේගෙ...
හැම දේම හිමින්  හිමින් වෙනව කියල දැනුනත් සහස් කවීගෙ මූනෙ පැත්තක් අත ගෑවෙ බය වෙන්න එපා කියන්න වගේ..
කවීගෙ මූන අල්ලද්දි සහස්ගෙ අතට තෙත ගතියක් දැනුන.. ඒක නිසාමයි සහස් කවීගෙ මූන දිහා තවත් ලන් වෙලා බැලුවෙ ... එතකොට තමයි සහ්ස් දැක්කෙ කවීගෙ ඇස් වල කදුලු...
..

හිතේ තෙරපෙන හැගීම් කියාගන වචන සහස්ට දැනුනෙ නැහැ සහස් කරපු එකම දේ පුලුවන් තරම් කවීගෙ පපුවට තුරුල් වෙන එක..

සුදූ කටරොලු...Where stories live. Discover now