සුදු කටරොලු ....08

923 164 9
                                    

සුදු කටරොඩු ...08

පරිසරය පුරාම අමුතුම සීත ගතියක් පැතිරිලා තිබ්බා.....
සීතල නිසාම සහස් පොරවන් හිටිය රෙද්දට තවත් ගුලි උනා...
ජනේලෙන් එලිය අදුරුම අදුරු වෙලා ,
හවස පටන් ගත්ත වැස්ස තව්මත් තොරතෝංචියක් නැතිව වහිනව...
හිටිය හැටියෙ අකුනක් කොටල අහස එලිය කලත් ඒක කලින් තරම් ලොකුවට නෙවෙයි...
සහස් පරිස්සමින් කකුල නොහෙල්ලෙන්න තව ටිකක් හරි බරි ගැහිල ගුලි උනා...
එකපාරටම සහස්ට දෙයක් මතක් උනා ඒ නිසාම  සහස් කාබරේට ලයිට් එක දැන්ම...
ලයිට් එක දාපු ගමන් සහස් බැලුවෙ ඇදේ අනික් පැත්ත...
ඒත් ඒක හිස් ... කවුරුත්  නැහැ..

සහස් එයාගෙ අතින් ඇදේ ඒ පැත්ත අතගාන ගමන් ලොකු හුස්මක් ගත්තෙ මහා පාලුවක් දැනුන නිසා...
.................................................................

සහස් ෆෝන් එක අතට ගත්තෙ වෙලාව බලාගන්න...
8.05...

වෙලාව බලල ඉවර කරල සහස් ආපහු ෆෝන් එක ඇද ලගම තිබ්බ මේසෙ උඩින් තිබ්බ   ... එතකොටම තමයි සහස් දැක්කෙ මේසෙ තිබ්න ටේබල් ලෑම්ප් එකේ නෝට් එකක් තියනව...

" පොරොන්දු උනා වගේ නින්ද යනකම් මන් හිටිය හරිද... බායි ... හෙට එන්නම්..."
එහෙම ලියල අන්තිමට ලොකු හිනා මූනකුත් ඇදල තිබ්බ...

සහස් 3 න් 4 පාරක් ඒ නෝට් එක බැලුව...

ඊට පස්සෙ එයා එයා එක්කම හිනාවෙන  ගමන්  නෝට් එක පරිස්සමින් එතන තිබ්බ පොතක් අස්සට දැන්මා...

එතකොටම තමයි මතක් උනේ සහස්ට එයා නිදාගනිද්දි රෙද්දක් පොරවන් හිටියෙ නැහැ  කියල  ඒත් දැන් එයා රෙද්දත් හොදට පොරවන් තමා නිදන් ඉදියෙ ඉතින් සචින් ඒක සහස්ට පොරවල ගියා කියන එක තේරුම් ගන්න සහස්ට අමාරු උනේ නැහැ ... ඒ මතකය එක්ක හිත අමුතුම හැගීමකින් පිරිල යද්දි සහස් ආපහු රෙද්දෙන් මූන වහගත්තා...

.............................................................

එහෙම වැඩිවෙලා ඉන්න උනේ නැහැ ලොකු අයිය ඇවිල්ල සහස්ට කතාකලා

"චූටි... මොකො බඩගිනි නැද්ද වෙනදට නම් මේ වෙද්දි ඩෙගා නටනවනෙ බඩගිනි කියල..."

ලොකූ අයිය සහස් ලගට එන ගමන් කියනව...
"බඩගිනී නම් තමයි ඉතින් ඒත් මේ කකුල නිසා මොකක්වත් කොරන්න බැහැනෙ... මට මොනව හරි කන්නගෙනත් දෙනවකො හොද අයිය වගේ..."
සහස් අයියට හුරතල් වෙන ගමන් කිව්ව...
ලොකු අයිය මොකුත්  නොකිය ටික වෙලා සහස් දිහා බලන්  හිටිය..

සුදූ කටරොලු...Where stories live. Discover now