සුදු කටරොලු 04

1.2K 187 12
                                    

සුදු කටරොලු ....04

ආ මවන් උබ මෙහෙටත් කඩා පාත් උනා නේද...''

හලෝ කොහොමද කියල සවින් සහස්ගෙන් අහන්න හදන කොටම කවිය කතා කරන්න පටන් ගත්ත.සහස් ඒකට යටි හිටෙන් සතුටු උනේ සවින් එක්ක කොහොම කතාවක් පටන් ගන්නද කියල හිතාගන්න බැරිව හිටපු නිසා.

" මොනව කරන්නද ඉතින් මම යන යන තැන් වලම උබල දෙන්නත් රිංගන් ඉන්නවනෙ..."

සවින් සහාට ඇහැක් ගහන ගමන් කිව්ව. ඉස්කෝලේදි සද්ද බද්ද නැතිව ඉන්න කෙනා මෙහෙම කතා කරනවහ ඇහුනහම සහස්ට පුදුමත් හිතුන.
" අනේ අම්මෝ මෙන්න බලපන්කො මේක කතා කරනව මන් හිතුවෙ කතා කරන්න බැහැ කියල මූට..."

කවී හිනා වෙන ගමන් ආපහු කිව්ව. සන්ස්ට කියාගන්න ගොඩක් දේවල් තිබ්බත් ඒ වෙලාවෙ කතාකරන්න බැහ වගේ දැනුන සහස් කරේ සචින්ගෙ මූන දිහා බලගෙන හිටපු එක මූන පුරා මතුවෙන ඒ ලස්සන හිනාවෙන් ඇස් අහකට ගන්න සහස් ගෙ හිත ඉඩ දුන්නෙම නැහැ.කොහොම හරි වචනයක් ගැට ගහගෙන කතා කරන්න හදන කොටම සර් පාඩම පටන් ගත්ත ඒක නිසා තුන් දෙනා එක්කම වැඩ කරන්න පටන් ගත්ත.

පන්තිය ඉවර වෙද්දි හවස් වෙලා තුන් දෙනත් එක්කම කතා කර කර පන්තිය තිබ්බ දෙවනි තට්ටුවෙ ඉදලා පහලට බැස්ස.සවින් සහස් එක්කම වගේ ආවේ සහස් ගෙ හිත පුරාම අමුතුම සතුටක් පිරිල

" ඔයා කොහොමද යන්නෙ..."

සහස් සවීන්ගෙ අතට තට්ටුවක් දාන ගමන් ඇහුව .එයාල දෙන්නට

එහා පැත්තෙ කවි ගැනු ළමෙක් එක්ක බර කතාවක්. ඒක නිසාම හිතේ හැටියට කතාකරන්න බාධාවක් උනේ නැහැ. "

" අප්පච්චි කාවහරි එවයි ... ඔයාල කොහොමද යන්නෙ..." සවින් සහස් ගෙන් ඇහුව.ඒ වචන වල ලොකු ලෙන්ගතු කමක් තියනව කියල සහස්ට දැනුන.. " ම්... පුරුදු පරිදි බස් එකේ තමයි...."

ඒත් එක්කම සවින්ව එක්ක යන වාහනේ ඇවිල්ල එතනම් නතර කරා නතර කරපු වාහනේ ඇතුලෙ නිල ඇදුමක් ඇදපු තරුන කෙනෙක් තමයි ඩ්රයිව් කලේ. කවී එතකොට එතනට ආවෙ යන්න කියල හිතන්...

'' සචී අපි යන්නම් එහෙනම් බායි ..."

සහස් එහෙම කියද්දි සවින් ටිකක් පුදුම වෙලා බැලුව. සචින්ට සචී කියල කතාකරපු නිසා ඒ වෙනස සවින්ට ටක් ගාල දැනුන. ඒ වෙනසෙ අමුතුම ගතියක් තියනව කියල සචින්ට දැනුන මීට කලින් කවුරුත් සචින්ට එහෙමා කතා කරල තිබ්බෙ නැහැ. සහස්ටත් කියල ඉවර උනාට පස්සෙ තමයි එයා සචින්ට සචී කිව්ව කියල හරියටම තේරුනේ හිතල නොකිව්වට ඒක ඒ වෙලාවෙ කියවුනා. කවී යන්න හැරුන නිසා සහසුත් ඒත් එක්කම යන්න හැරුනෙ සවීන්ගෙ දිහා බලන්මයි. යන්න කියල හදන කොටම සහස්ගෙ අතින් කවුරු හරි අල්ල ගෙන නවත්තනව සහස්ට  දැනුන.සහස් එහෙමම ආපහු හැරුනෙ කව්ද කියල බලන්න අතින් අල්ලන් ඉන්නෙ සවින් කියල තේරුම් යද්දිම හිත පිරාවට අමුතුම සතුටක් දැනුන .

සුදූ කටරොලු...Where stories live. Discover now