සුදු කටරොලු ....09

884 172 20
                                    

සුදු කටරොඩු ...09

ගේ ඇතුලෙන් කිහිපදෙනෙගෙ කටහඩවල් ඇහුනා... .
සහස් හිටියෙ අයියගෙ ඇගට බර වෙල අයියගෙ උදව්වෙන් ගෙට යන ගමන්...
සහස් ගෙට යන් එක නතර කරල ගේ ඇතුලෙන් එන කටහඩවල් කාගෙද කියල් කල්පනා කලා...
" චූටි මොකද උනේ...."
සහස් නැවතුන නිසා අයිය සහස්ගෙන් ඇහුව..
" මොකුත් නැහැ ලොකු අපි  යමු..."
එහෙම කියල සහස් ආපහු අයිය එක්ක හිමින් හිමින් ගේ ඇතුලට  යන්න පටන් ගත්තා......

" අඩෝ මෙන්න මූ ඇවිල්ල..."

සහස් ඇතුලට යනකොටම වගේ කවුරු හරි කියනව සහස්ට ඇහුන ...
ඊට පස්සෙ තමයි සහස් කට්ටියව දැක්කකෙ...

ඉස්කෝලේ මුලු රගර් ටීම් එකම  සාලෙ පිරිල...
යාලුවො ටිකව දැකල සහස්ට  ලොකු සතුටක් දැනුන...
ඒ සතුට තවත් වැඩි උනේ කවී එක්ක   සාලෙ කොනක වෙන්න වාඩිවෙලා කාතා කර කර ඉන්න සචින්ව දැකල...
.............................................................

කට්ටියත් එක්කම පිස්සු කියව කියව ඉදල සහස්ට ගානක්වත් තිබ්බෙ නැහැ වෙලාව ගැන...
අම්ම කට්ටියටම කන්න එන්න කියනකම්ම සහස් කට්ටිය එක්ක කතාව...සහස්ට සචින් ලගට යන්න ලොකු උවමනාවක් තිබ්බත් කොල්ලො සෙට් එක එක්ක ඒකට ඉඩක් උනේ නැහැ...
ඒත් සහස්ගෙ හිත කියව්ව වගේ කට්ටිය කන්න යන්න හදනකොටම සචින් කවීත් එකක සහස් ලගට ආව

..........................................................

" මොකො උබල දෙන්න මාත් එක්ක තරහවත් වෙලාද ලගටවත් එන්නෙ නැතිව හිටියෙ ..."
සහස් කවී දිහා බලන ගමන් ඇහුව...

" අඩෝ ඔව්මයි නේද බන් සචිය අපි මූ එක්ක තරහයිනෙ... "

"අප්පට සිරි ඔව්මයි නේද... මටත් ඒක අමතක උනා ... යමන් යමන් මූව දාල කන්න යමන්..."
සචින් පූරුදු හිනාව දාන ගමන් කිව්ව..

" පලයල්ල ඉතින් කව්ද උබලව අල්ල ගත්තෙ..."
සහස් දෙන්නට ඔරවන ගමන් ඇහුව...

" ඒ උබල දෙන්න ඕකව එක්කන් එන්නෙ නැතිව මක් කරනවද... අපිට බඩගිනී වරෙල්ලකො..."
කෑම කාබරේ ඉදල එකෙක් කෑ ගහනව...

" නොදකින් මුන්ට කෑමක් තියනවනම් ඔක්කොම අමතකයි ..."
  සහස්ට නැගිනින්න උදව් කරන ගමන් කවී බැන්න...

සුදූ කටරොලු...Where stories live. Discover now