සුදු කටරොළු .......17

725 128 3
                                    

සුදු කටරොළු ....17

ෆෝන් එකේ එලාම් එක වදින්න ගත්ත නිසා සහස් දඩි බිඩි ගාල ඇහැරුනේ ලෑස්ති වෙලා ඉස්කෝලෙ යන්න කියල හිතාගෙන...
එත් නැගිටල ටිකක් වෙලා යද්දි තමයි මතක් උනේ ආපහු ඉස්කොලේ යන්න ඕනි නැහැ කියල...
ඒත් එක්කම හිතට අමුතුම දුකක් එක්කම අමුතුම සතුටක් දැනුන...
ආපහු පැය බාගයක් විතර ඇදට වෙලා ඉදපු සහස් ටිකකින් නැගිටල බාත් රූම් එකට ගියෙ මූන හීදන් පාඩන් කරන්න කියල හිතන්...
ඒලෙවල් එක්සෑම් එක පටන් ගන්න හරියටම තව තිබ්බෙ සතියක් වගේ පොඩි කාලයක්...
එක්සෑම එක කොච්චර ලගට ඇවිල්ල තිබ්බත් සහස්ට ඒක ලොකි අවුලක් දැනුනෙ නැහැ ඒ දවස් වල ඉදලම වැඩ කරපු නිසා ලොකු ප්‍රෙශර් එකක් දැනුනෙ නැහැ...

සීතල වතුර මූනෙ වදිද්දි අමුතුම නැවුම් ගතියක් ඇගට දැනුන..

සහස් මූන සෝදන් එලියට ඇවිල්ල ඒක පිහිදාන්නෙ නැතිවම එහෙමම පහලට බැස්ස..

පහලට යද්දි අනික් අයත් ඇහැරිලා තේ බොනව සහස් එයාගෙ තේ එකත් අරන් ආපහු රූම් එකට ගියෙ පාඩන් කරන්න..

පුරුදු විදිහටම සහස් සචින්ට කෝල් එකක් අරගත්තා ...
" ගුඩ් මෝනින්..."
"ගුඩ් මෝනින් වැඩ වගේ උදේම.."
සචින්ගෙ හිනාවෙන් පිරිච්ච කටහඩ ලයින් එකෙන් ඇහෙද්දි සහස්ගෙ හිත සතුටින් පිරිල ගියා...
" ඔව් ඉස්කෝලේ යන්න කියල හිතන් ඈහැරුනා ඒට් පස්සෙ තමා මතක් උනේ ආපහු ඉස්කොලේ යන්නෙ නැහැ කියල ඒ පාර පාඩන් කරාන්න් පටන් ගත්තා..."
සහස් තේක බොන ගමන් ෆෝන් එකත් කනේ තියන් බැල්කනි එක පැත්තට යන ගමන් කිව්ව ....
" මමත් එහෙමයි... හි හි... මේ බන් තව දවස් හතයි නේද..."

" අනේ ඔව් බන් මතක් වෙද්දිනම් බයයි බන්..."
"අපි පාඩන් කලානෙ බන් බය වෙන්නෙ මොකටද ..."
" හ්ම්ම්....."
සහස් සචින් එක්ක පැය බාගයක් විතර කියව්ව..
සචුන් එක්ක කතා කරද්දි වෙලව ගැන ලොකු ගානක් සහස්ට තිබ්බෙ නැහැ සචින්ගෙ හැම වචනයක් වචනයක් ගානෙ සහස්ගෙ හිත පුරා ආදරේ පිරිල ඉතිරිලා යනව කියල සහස්ට දැනුන..
සචින්ටත් සහස්ගෙ වචන වලින් පුදුමාකාර කියාගන්න බැරි උනුහුමක්වගේ හැගීමක් සහස්ට දැනුන...

සචින් එක්ක කතා කරල ඉවර උන ගමන් සහස් කවීට කෝල් එකක් ගත්තා

සහස් හිතුවා වගේම කවී තාම නිදි හතර පස් පාරක් කෝල් කරාට පස්සේ තමයි අන්තිමට යාන්තම් ෆෝන් එක ආන්සර් කරේ.
"මොකද බං උදේම වද වදදෙන්නේ "

සුදූ කටරොලු...Where stories live. Discover now