සුදු කටරොළු 38 (finnal )

2.4K 204 99
                                    


සුදු කටරොළු ...38 ..(.අවසන් කොටස...)

නිකට ලගින් වැදුනු උනුහුම් හුස්ම පොදක් නිසා සහස්ගෙ ඇග හිරි වැටිල ගියා එලියෙ වහින වැස්සත් ඒත් එක්කම තවත් මහා හයියෙන් වැස්සෙ වටපිටාව තනිකරම මහා සද්දෙක ගිල්ලන ගමන්..
සහස් මේ මොහොත ගැන අවුරුදු ගානකට කලින් කොයි තරම් නම් හීන මැව්වත් දැන් සහස්ගෙ හිතේ මේ දැනෙන හැගීම ගැන් කිසිම ආසාවක් සහස්ට දැනුනෙ නෑ.. ඇස් පියාගත්ත මොහොතෙ ඉදන් මතකයට ආපු කවීමෙ මතකයන් සහස්ගෙ හිතේ  එකින් එක පෙල ගැහෙද්දි සහස්ට හිතුන සචින්ගෙන් ඈත් වෙන්න...
ඒත් දැන් ඒ හැම දේටම පරක්කුයි කියල සහස්ගෙ දැනෙද්දි සහස්ගෙ හිත අඩා වැටුන..
සචින්ගෙ උනුහුම් හුස්ම පාරවක් සහස්ගෙ තොල් වල යන්තමින් වදින කොට සහස් ඇස් දෙක තද කරගත්තෙ හිතෙන් කවීගෙ රූපෙ මනසෙ මැවෙද්දි....

.........................................................
තත්පර ගානක් ඇස් තද කරන් බලන් ඉදියත්  සහස්ට කිසිම දෙයක් දැනුනෙ නෑ.. වටපිටාවෙ හයියෙන් හුලන් හමන සද්දෙ  ඇරෙන්න කිසිම සද්දයක් සහස්ට දැනුනෙ නෑ...
ඒත් එක පාරටම දොරක් තදින් වැහිල යන සද්දයක් නිසා සහස්ව ගැස්සුනා
තියන සැර හුලන් පාරට දොර ඉබේම වැහෙන්න ඇති කියල හිතපු සහස් ආපහු  කල්පනා කරේ
මොකද උනේ කියල හිතාගන්න බැරිව සහස් යන්තම් ඇස් අරිනකොට තමයි සහස් දැක්කෙ ඇස් වල තියන කදුලු වැටෙන්න නොදී හයියෙන් ඇහි පිහ ගහ ගහ එයා දිහා බලාගෙන ඉන්න සචින්ව...

" උබ ඇත්තටම කවීට ගොඩාක් ආදරෙයි නේද  බන්..."
සචින් එහෙම ඇහුවහම සහස් ඔලුව වැනුවෙ ඔව් කියන්න වගේ...

සහස් එහෙම කිව්වහම සචින් ලස්සනට හිනාවෙලා සහස්ගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන කකුල් වල ඉස්සරහට බර දීල ඉස්සිලා සහස්ගෙ නලල තදින් කිස් කලා...

" බය වෙන්න එපා මන් උබේ ආදරේට දෙන්නාම විතරක් උබ පරිස්සමට ඉතුරු කරගත්ත ඒව උබෙන් උදුර ගන්නෙ නෑ බන්....  "

සචින් එහෙම කිව්වහම සහස් ඇස් ලොකු කරල සචින් දිහා බැලුව..

" දන්නවද බන් මන් හිතුව උබ වෙනස් වෙලා කියල ඒත් මන් වැරදියි බන් උබ පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ
මගෙ හිත රිදෙයි කියල උබ මොකුත් නොකිව්වට මන් දන්නව උබ කැමත්තකින් නෙවෙයි කියල මට උබව කිස් කරන්න ඉඩ දුන්නෙ...."
සචින් එහෙම කියද්දි සහස් හිනාවෙලා බිම බලාගත්ත...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

සුදූ කටරොලු...Where stories live. Discover now