සුදු කටරොළු 34

762 125 9
                                    

සුදු කටරොළු ....34


"මචන් ....."
එලියට යන එක නවත්තපු කවී ආපහු හැරුනෙ මේඝගෙ කටහඩට..
"
"හ්ම්ම්ම් කියපන් බන්..."
කවී කිව්වෙ මේඝ දිහා බලන ගමන්

"මට ටිකක් කතාකරන්න පුලුවන්ද..."

මේඝ අසරන විදිහට ඇහුවෙ කවී දිහ නොබලමයි...
කලින් තිබ්බ විසේකාර දගලන පෙනුම වෙනුවට හිතේ ලොකු බරක් තියන් කතාකරනව වගේ කියහ කවීට දැනුන...

" පුලුවන් බන් කියපන් මොකද අවුල.."

කවී ආපහු මේඝ ලගට යන ගමන් කිව්ව..

" එහෙනම් මාත් එක්ක එලියට යමුද ටිකකට..."
"හ්ම්ම්...."

..............................................................

දෙන්න එක්කනම මද වැස්සෙ ගිහිල්ල නැවතුනේ  පොඩි හොටෙල් එකක..
වෙල් යායක් ලග හදල තිබ්බ  නිසා කියාගන්න බැරි අමුතුම ගැමි පෙනුමන් තියනව කියල කවීට දැනුන..


කවීල ඉන්න හොටෙල් එකේ ඉදල ටිකක් ඉස්සරහට වෙන්න වෙල් යාය මැද්දෙන් වැටිල තියන පොඩි පටු පාර මාරම ලස්ස්නයි කියල කවීට හිතුන ඒ පාර ප්‍රදාන පාරෙ ඉදල ගමේ කොටසක් එක්ක එකතු වෙන්න හදල තිබ්බ එකක් පාර දෙපැත්තෙ ටිකක් ලොකු ගස් පේලියක් වැවිල තිබ්බ පාර දිගේ තියන සුදු දුඹුරු වැල්ල තෙමිල අමුතුම පාටක් වෙලා පාරට අමුතුම එලියක් තිබ්බ කියල දැනුන
යාන්තම හමන හුලන් පාරට වැටෙන වැහි බින්දු ගහගෙන ගිහිල්ල එක එක රටා මව මව වහිද්දි ඒ ලස්සන කවී ආසාවෙන් විදගත්තෙ සහසවත් දවසක් මෙතනට එක්ක එන්ව කියල හිතෙන් හිතන ගමන්..

" ලස්සනයි නේද..."

එක පාරටම කෙනෙක් කතාකරපු නිසා කවී  ටිකක් ගැස්සුනා..

" හ්ම්ම් ගොඩක් ලස්ස්නයි බන්..."
කවී එයාට ඉස්සරහ තියන පුටුවෙන් වාඩිවෙන මේඝ දිහ බලන ගමන් කිව්ව...

" ඉතින් කියපන්කො මොකක්ද කියන්න තියෙන්නෙ...."

කවී මේඝ දිහා බලන් කියද්දි මේඝගෙ හිනාවෙන් පිරුනු මූන යන්තමට මැලවුනා..
ටිකක් වෙලා කවී දිහා බලන් ඉදාපු මේඝ ලොකු හුස්මක් ඇදල අරන් ආපහු කතාකරන්න ගත්තා..

" මේ කතාව මට උබට කියන්න ඕනි උනේ ගොඩ කාලෙකට කලින් ඒත් මට මේ දේ ගැන  උබ එක්ක කියන්න  හිත හදාගන්න බැරි උනා..  බන්....
ඇත්තටම මේ දේ මන් කා එක්කවත් කියල නෑ... මොකද ඒ ගැන කතාකරන්න කෙනෙක් ... මට නිදහසේ මේ දේ ගැන කතාකරන්න පුලුවන් කෙනෙක් අද වෙනකම් ලැබිල නැහැ....."

සුදූ කටරොලු...Where stories live. Discover now