සුදු කටරොලු ...12

920 146 6
                                    

සුදු කටරොලු ....12

ටික වෙලාවක් පොත කියව කියව ඉදල ඇස් වලට විවේකයක් දෙන්න කියල හිතල එතනින් පේන පාර දිහා බැලුව. හරියටම නොපෙනුනත් හුරු පුරුදු කෙනෙක් පාරෙ පැත්තෙ ඉදල සහස්ගෙ ගෙදර ගේට් එක ලගට එනව සහාට පෙනුන.ගේට එක ඇරල වත්තට ඒ කෙනා එනව දැක්කත් ගේ වටේ තියන ගස් ටික නිසා කෙනාව අදුරගන්න පුලුවන් උනේනාම් නැහැ කකුල නිසා දුවල පැනල යන්න විදිහකින් තිබ්බෙ
නැහැ.. “එන කෙනා එන්නෙ මාව හොයන් නම් මෙතනට එයිනෙ ... “ සහස් එහෙම හිතන ගමන් ආපහු පොත කියවන්න ගත්තා.

" ආ ලොකු මහත්තය වැඩ වගේ..." සහස්ට පිටිපස්සෙන් කටහඬක් ඇහුන සහස් පිටිපස්ස හැරුල බලද්දී කවී
හිනාවෙවී සහස් දිහ බලන් ඉන්නව...

“ අම්මෝ පුදුමයි නිවාඩු දවසෙ මාව මතක් උනා කිව්වහම..."
සහස් පොත උකුල උඩින් තියන් විල්වෙයා එක කවීගෙ පැත්තට හරවන ගමන් කිව්ව

“ අනේ නිකන් ඉදපන් මන් ඊයෙත් ආව...”

“ආවෙ නැහැ උබ පෙරේද ඉදල ඊයේ ගියා ...”

" හරි හරි කොහොම හරි ආවනෙ මන් දැන් මොකො මෙතන කරන්නෙ..."

"කරන දෙයක් නැහැ බන් තනියම පාඩන් කරන්නත් කම්මැලී ඒක නිසා පොතක් බලන්න ගත්තා...”

“ ඒක නෙවෙයි කෝ උබේ අර ඉලව්ව... ඕක දීපන් ලමෙකුට ..”

" මොන ඉල්ලවද බන්...”

" උබේ ෆෝන් එක මන් කී පාරක් කෝල් කලාද..."

" අනේ ඒක රූම් එකේ බන්.."

" ඇත්තමයි අපරාදෙ උබ ඔය මගුල තියන් ඉන්නෙ"

"හපෝ නවත්තගනින් වදේ ඔය කච කචේ... උබ කාලද
අම්මට මන් කියන්නද තේ ගේන්න කියල..."

" අම්මෝ උබනම් දෙයියෙක් ගේන්න කියපන් ගේන්න කියපන් මන් පට්ට බඩගින්නෙ හිටියෙ .."

“අපෝ මොනවහරි කන්න දුන්නොත් උබ ඌව දෙයියෙක් කරලත් ඉවරයි මැට්ට..."

එහෙම කියල සහස් අම්මාට කතාකලා, දෙන්න එක්ක තේ බිව්වට පස්සේ සහස් කවි අක්ක රූම් එකට ආව කවී රූම් එකට ඇවිල්ල සහස්ගෙ ලැප් එක අරගෙන ෆිල්ම් එකක් බලන්න ගත්ත සහස් කාබරේ බැල්කනි එකට ගිහිල්ල ආපහු පොත කියවන්න ගත්තා..

සුදූ කටරොලු...Where stories live. Discover now