සුදු කටරොළු 26

759 122 15
                                    

සුදු කටරොළු ....26

උකුල උඩ තියන් ඉන්න මල් බොකී එකේ තියන රෝස මල්වලින් එක අමුතුම සුවද සහස්ගෙ හිත අමුතුම ලෝකෙකෙට අරන් ගියා.... රෝස මල් වලටම ආවේනික වෙච්ච ඒ අමුතුම සුවදට සහස් හැමදාමත් ආදරේ කරන සුවදක් ...

කාර් එකේ වින්ඩෝ එකෙන් පේන වාහන වලින් පිරුනු පාරෙ එහා ඈතින් තියන මුහුද දිහා බලන් ඉද්දි දැනෙන මේ අමුතුම හැගීමට සහස් ගොඩක් ආස කරා...

.........................................................

කාර් එක ඩ්‍රයිව් කරන් යන අතරෙ චලනගෙ ඇස් විටෙන් විට සහස් දිහාට ගියෙ චලනටත් හොරා.
සහස්ලගෙ ගෙදරදි සහස් පඩිපෙල බහින  කොට දැක්ක මොහොත් ඉදල එයාගෙ හිතේ අමුතුම ගැස්මක් තියනව කියල චලනට දැනුන..
කවදාවත් සහස්ව ඒ විදිහට දැකල නොතිබුන නිසා ඇත්තටම චලන ඒ වෙලවෙ ගොඩක් පුදුම උනා..

ගානට ෆේව් කරල කට් එකක් කපපු රැවුල...
ලොකු අයිය වගේම කපපු හෙයා කට් එකටත්..
ක්‍රීම් පාටට හුරු ෆුල් කිට් එකට තද දම් පාටට හුරු රෝස පාට බෝ එකක් දාල සිල්ව කලර් වොච් එකත් හද හද පඩිපෙල බහින සහස්ව දැක්කහම චලනට දැනුන හැගීම එයාට කවදාවත් දැනුල තිබ්බෙ නැහැ ...

චලන විතරක්ම නෙවෙයි ඒ වෙලාවෙ පොඩි අයිය එක්ක වාඩිවෙලා ඉදපු කවීටත් ඒ හැගීම චලනටත් වඩා තදට දැනුන..
සහස්ගෙන ඇස් අහකට ගන්න බැරිව දෙන්නම සහස් දිහා බලන් ඉදියෙ ඒ නිසාමයි...
.............................................................

එක පාරටම බ්‍රේක් එක ගැහුව නිසා තමයි සහස් හිටපු  හීන ලෝකෙන්  මිදුනෙ..

කාර් එකේ ඉස්සරහ පොඩි අයිය වාඩි වෙලා ඉදියෙ ෆෝන් එක ඔබන ගමන් ..
සහස් ලොකු අයිය එක්ක් පිටිපස්සෙන් වාඩි වෙලා ඉදිය..
චලන කාර් එක අරන් ගියා..

කවීටත් එයාල එක්ක එන්න ලොකු ආසාවක් තිබ්බත් හදිස්සියෙම ගෙදරට ගිහිල්ල එන්න උන නිසා...කවීට එක්ක උනේ නැහැ ...

සහස් අතේ තිබ්බ මනමාලිගෙ මල් බොකේ එක අතට අරන් ආපහු ලොකු අයිය දිහා බැලුව..

ලොකු අයියගෙ මූනෙ තිබ්බෙ ගොඩක් කලබල වෙලා වගේ පෙනුමක්..
නලල පුරා දාඩිය බින්දු දෙක තුනකුත් තිබ්බ..
එයා නොයිවසිල්ලෙන් ඉන්න කොට  කකුල  වනන එක පුරුද්දක්...
දැනුත් ඒ වගේම කකුල වන වන ඉදපු නිසා සහස්ට තේරුම් ගියා අයිය ඉන්නෙ කලබල වෙලා කියල..

සුදූ කටරොලු...Where stories live. Discover now