සුදු කටරොලු ....19

720 142 17
                                    

සුදු කටරොලු ....19

සහස් පාරවල් පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන ගියෙ මොනව කරනවද කියල හිතා ගන්න බැරුව වගේ.ටික ටික හවස් වේගෙන එද්දි වැසි අදුරක් එක්ක අහසත් කලු කරන්න ගත්තා. සහස් ඔලුව උස්සල බලන්නෙවත් නැතුව බිම බලන්ම ගියා. කන් වල හැම වෙලාවෙම ඇහුනෙ.සචින්ගෙ වචන.
“ මට උබට ආදරේ කරන්න බැහැ.මන් උබට ආදරේ නැහැ..........."

ටිකක් ලොකු පාරක් ලගට ආපු සහස් දෙපාරක් නොහිතාම පාර දිගේ ඇවිදන් ගියා.එකපාටම කොහෙන්ද මන්ද ආපු වාහනටක් මහ හයියෙන් බ්‍රේක් කරගෙන් සහස් ඉස්සරහ නැවැත්තුව. සහස් ඇස් ලොකු කරන් වෙච්ච දේ ගලප ගන්න වගේ බලන් හිටිය.කාර එක එලවපු කෙනා බොහොම අමාරුවෙන් තමයි සහස්ව බේරල තිබ්බේ.

" කොහෙද හු**  යන්නෙ.පාරේ යනනෙ ඔහොමද, තොට මැරෙන්න ඕන වෙලාද."

කාර් එක එලවපු කෙනා කාර් එකේ දොර ඇරගෙන බැහැල එන ගමන් සහස්ට
බැන්න. ඊට පස්සෙ චටාස් ගාල සද්දයක් ඇහෙනව විතරයි සහස්ට මතක සහස්ව විසික් වෙලා ගිහිල්ල බිම වැටුන. කටේ එක පැත්තක් පැලිල ලේ එද්දීවත් සහස්ට වේදනාවක් දැනුනෙ නැහැ.කාර් එක ඩ්‍රයිව් කරපු කෙනා ගහපු පාරෙ සැරට සහස් වැටුන තැනම ඉද්දි ලගට ඇවිල්ල ආපහු ශර්ට් එකෙන් අල්ල ආපහු හොදටම බැනල බැනල මනුස්සය කාර් එකට නැගල යන්න ගියා.සහස් බිම වාඩිවෙලාම පුපුරු ගහන කම්බිලෙන් ගලන් ලේ අතින් පිහිදගත්තා . කකුල රිදෙන තැනක් අල්ලල බලද්දි එතනිනුත් තෙත ගතියට මොනව හරි දැනුනත් සහස් ඒහෙමම විසික් වෙවී නැගිටල ආපහු ඔහේ ඇවිදින්න ගත්තා.

ටිකකින් හුරු පුරුදු සද්දයක් ඇහෙන්න ගත්ත නිසා සහස් අරමුනක් නැතිව ඒ දිහාට යන්න ගත්තා.වැහි අදුර ටිකෙන් ටික වැඩි වෙලා එක පාරටම කොහෙද මන්ද තිබ්බ මහ වැස්සක් කඩාගෙන වැටෙද්දි සහස් හිටියෙ මුහුදු වෙරලක් අයිනෙ. පරිසරය හුරු ගතියක් දැනුනත් සහස්ට ඒක මතක තිබ්බෙ නැහැ. වැටෙන වැහි බින්දු සහස්ව තෙමද්දි.

සහස් මුල්ම පාටර මහ හයියෙන් කෑ ගහල අඩන්න ගත්තා.හිත පුරා පිරි ඉතිරිලා යන වේදනාව වැඩි කමටම සහස්ට වට පිටාව ගැන කිසි දැනීමක් තිබ්බෙ නැහැ.අකුනු ගහ ගහ මහ හයියෙන් වැස්ස කඩන් වැටුන. මුහුද කවදාවත් රලු නොවුන තරමට රලු වෙල කෑ ගහද්දි .ඒ ඔක්කොම පරද්දන්න වගේ සහස් කැ ගගහ ඇඩුවත් මුහුදෙ සද්දෙ ඒක හරි ඉක්මනට යටපත් කරා. ටිකෙන් ටික හුස්ම ගන්නත් අමාරු වෙනව වගේ සහස්ට දැනෙන්න ගත්තා. ඒත් හිත පුරා තියන දුක අඩුවක් නැහැ සහස් අත මිටි මොලවල පපුවට මහ හයියෙන් ගහ ගන්න ගමන් ඇඩුව. කවමදාකවත් අඩල නැති තරමට ඇඩුව.ටික ටික කටහඩේ වේගෙ සද්දි අඩු වෙනව සහස්ට දැනුන.

සුදූ කටරොලු...Where stories live. Discover now