සුදු කටරොලු ...05

1K 185 9
                                    

සුදු කටරොඩු ....11..

" දොර ඇරල තියෙන්නෙ ඇතුලට එන්න.." සහස් ටිකකින් කිව්වෙ කවුරු දොරට ගහන්න ඇද්ද කියල හිත හිත... හිමින් සැරේ දොරේ හැඩල් එක පහලට කැරකිලා දොර ඇරුන.. ඇරුන දොර අතරින් කවීගෙ මූන කාබරේට එබුන...
" අඩෝ උබ තවම මැරුනෙ නැද්ද මන් හිතුව උබ මලා කියල... ඒක ටෙස්ට් කොරල බලන්න තමයි මම දොරටත් තට්ටුවක් දැන්මෙ..."
කවී සීරියස් මූඩ් එකකට මූන හදාගෙන දොර ලග ඉදන් කියනව... එතකොටම සහස් ඒකට මොනව හරි කියන්න ගියා ඒත් ඒකට ඉඩක් නොතිය කවී  ආපහු කතාව..
" ආව් හරි හරි ඕකට ගහන්න ඕනි නැහැනෙ බන් ... මන් ජෝක් එකක් කලේ..."
කවී ඔලුව අතගාන ගමන් බැන බැන කාබරේට ආව.. එයාට පිටිපස්සෙන් තව කවුරු හරි ඉන්නව කියල සහස්ට තේරුනේ එතකොට ... කවී එක්කම සචින් හිනාවෙවී  කාබරෙ ඇතුලට ආව... සහස්ටනම් මේ උනන්දේ හිතාගන්න බැහැ.. ඇස්දෙක පියාගන්න හදන් හැම මොහොතකම ලගට එන ඒ කෙනාදැන් ඇත්තටම සහස්ගෙ ලගටවෙලා ඉන්නව..
" ඔච්චර ඇස් ලොකු කරල බලන්න මම බූතයෙක් නෙවෙයි..."
සචින් හිනාවෙවී කියන ගමන් ඇද ලගට ආව...
" ඔයා.. මොකද මෙහෙ කරන්නෙ..." සහස්ට අහන්න කටට ආවෙ එච්චරයි..
" අපිද අපි ආවෙ උබේ මල ගෙදරට අවසන්  ගෞරවය දක්වන්න හිතන් ඒත් පස්සෙ තමයි දන්නෙ උබ මැරිල නැහැ කියල..."
කවී පුටුවක වාඩි වෙලා කකුල පද්ද පද්ද කියනව...
" අනේ මන්ද උබනම් හැදෙන්නෙ නැහැ කවී... මේක මාරුවෙන් ඉද්දි උබට විහිලු..."
සචින් කවීට ඔරවන ගමන් කිව්ව...
" ඇයි බන් ඉතින් මම වෙන මොනව කියන්නද... ලෙඩ්ඩු බලන්න අහම ලෙඩා අහනව මොකටද ආවෙ කියල... ඇත්තමයි මෙහෙම එකෙක්වනෙ මම ආශ්‍රය කරන්නෙ.."
කවී සහස්ට ඇද කරන ගමන් කිව්ව...
" අපි ගියා හොස්පිටල් එකට ඔයාව බලන්න එහෙන් කිව්ව ඔයාව ඩිස්චාජ් කරන් ගියා කියල අපි ඉතින් මෙහෙට ආව...
" සචින් ඔක්කොම පැහැදිලි කරල කියන විදිහ සහස් ඇස් පිය ගහන්නෙ වත් නැතිව බලන් හිටිය....

" දැන් කොහොමද බන්..." සචින් සහස්ගෙ ඇස් දිහා බලන් ගමන් ඇහුව ඒ ඇස් වල අමුතුම කනගාටුවක් වගේ තිබ්බ කියල සහස්ට දැනුන...
" කකුලනම් රිදෙනව.. එච්චරයි වෙන අවුලක් නැහැ ... "
සහස් හිනාවෙවී කියද්දි සචින් දුක හිතෙන හිනාවක් දැන්ම..
" චූටි ඔයාගෙ බෙහෙත් ටික බොන්න ..." පොඩි අයිය කාඩාගෙන බිදගෙන කාබරේට එන ගමන් කිව්ව.. එයා පස්සෙ තමයි කවීවයි සචින් වයි දැක්කෙ...
" ආ ලෙඩ්ඩු බලන්න කට්ටිය ඇවිල්ලනෙ..."
පොඩි අයිය කාබරේ දොර අඩවල් කරන ගමන් කිව්ව...
" කවී මල්ලි කොහොමද ඉතින් ගොඩ කාලෙකින්නෙ.. කොහෙද ඉතින් මේ පැත්තෙ නිකන් වත් එන්නෙ නැහැනෙ..." පොඩි අයිය කවී ලගට ගිහිල්ල තට්ටුවක් දාන ගමන් කිව්ව..
" මොනා කොරන්නද අයියෙ  ඔයාගෙ මල්ලි තමයි කිව්වෙ මෙහෙ පස් පාගන්න එපා කියල..."
කවී හිනාවෙන ගමන් කිව්ව...
" ඈ බොල මන් කොයි වෙලේද එහෙම කිව්වෙ..." සහස් කවීට ඔරවන ගමන් කිව්ව...
" එහෙමත් කිව්වද ඌ එහෙම කිව්වට කමක් නැහැ උබ වරෙන් හරිද .... එතකොට මේ අනික් මල්ලි... මම එයාවනම් ලොකුවට දන්නෙ නැහැ..." පොඩි අයිය හිනාවෙන ගමන් සචින් දිහාට හැරුන...

සුදූ කටරොලු...Where stories live. Discover now