සුදු කටරොලු ..03

1.4K 221 13
                                    

සුදු කටරොලු ....03

"ට්රින් ... ට්රින්....."

එලාම් එක එක දිගටම වදින්න පටන් ගත්ත. සහස් නිදිමරගාතෙම ඒක් ඕෆ් කරල ඇදෙන් බැහැල වැනි වැනී බාත් රූම් එකට ගියෙ ඉක්මනට ලැහැස්ති වෙනව කියල හිතන්. පාන්දර තියන හීතලත් එක්ක එක්තු වුන වතුර ඇගට වැටුනෙ අමුතුම නැවුම් බවකින් කලු පාට කොන්ඩෙට වැටෙන වතුර මූන පුරාම එක එක හැඩ මව මව සහස්ගෙ නිරුවත් ඇග පුරා තැවරී ගෙනම බිමට වැටුන. බාත් රූම් එකෙන් ආපු සහස්ට දැනුනෙ පුදුම නැවුම් බවක් ඒ නැවුම් බවත් එක්කම සහස් බැල්කනි එක පැත්තට ගිහිල්ල දොර ඇරල පාන්දර තියෙන නැවුම් හුලග වැදෙන ගමන් අහස දිහා බලන්න හිටියෙ පාන්දර කලුවර ටික ටික නැති කරගෙන පායන ඉර දිහා .

සුදු කලිසමට සුදු ශර්ට් එක යට කරල කොන්ඩෙ පීරගෙන බෑග් එකත් අරන් සහස් කාබරෙන් එලියට ගියෙ එහා පැත්තෙ තිබ්බ පොඩි අයියාගෙ කාබරේ දොරට තට්ටුවක් දාන ගමන් මයි.
සහස් පහලට යද්දි අම්මත් නැගිටල. හදල තිබ්බ තේක උගුරට දෙකට බීල අම්මට වැදගෙනම සහස් එලියට බැස්ස. බස් හෝල්ට් එකට යනකොටම වගේ බස් එකක් ආපු නිසා ඒකෙ එහෙම්මම එල්ලුනේ ඉක්මනට යන්න පුලුවන් නිසා.කොහොම හරි 6.45 වෙද්දි සහස් ඉස්කෝලේ ගේට් එක ලග. තවම ලමයි වැඩිය ඇවිල්ල තිබ්බෙ නැහැ . සහස් යන්තමින් පාලුවට ගියා ඉස්කෝලෙ දිගේ පන්තිය පැත්තට ගියා. " ගුඩ් මෝනින් අයියෙ ....."

පහල පන්තියක මල්ලි කෙනෙක් කතාකරපු නිසා සහස් පොක

එතන නතර උනා.

" ගුඩ් මෝනින්..."

එහෙම කියල ආපහු පන්තිය පැත්තට යන්න පටන් ගත්ත.පන්ති ඔක්කොම පාලුවට ගිහිල්ල. සහස් පන්තියෙ දොර ඇරගෙන ඇතුලට ගිහිල්ල එයාගෙ මේසෙන් බෑග් එක තියල ආපහු පන්තියෙන් එලියට ආවේ පොඩි වටයක් දාන්න කියල හිතල.

පිට්ටනිය පැත්තෙ රවුමක් ගිහිල්ල සහස් ආපහු පන්තියට ආවෙ ඊයෙ දුන්න ගෙදර වැඩක් ඉවර කරන්න අමතක උනා කියල මතක් උනා කියල. පාලුවට ගිහිල්ල තිබ්බ පන්ති පහු කරන් සහස් ටිකක් ඉක්මන් කරල පන්තියට ආවෙ ගාන හදල ඉවර කරලා දාන්න. දොර ඇරල තිබ්බ පන්තියට එක පිම්මට ගිය සහස් ඒ වේගෙන්ම එයාගෙ මේසෙ ලගට යන්න හැරුන. ඒත් එක්පාරටම....

සුදූ කටරොලු...Where stories live. Discover now