සුදු කටරොළු 35

746 128 15
                                    


සුදු කටරොළු ....35

එයාලට ඉස්සරහ මේඝත් එක්ක ඉන්න සචින්ව දැක්කහම කවීගෙ පපුවට මහා බර ගතියක් දැනුන.. ඒත් එක්කම කවී හැරිල සහස් දිහා බැලුවෙ මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ...
එදා නුවර එලියෙදි සචින්ව තත්පර ගානකට දැකලත් සහස් හිතෙන් කොච්චර වැටුනද  කියන එක මතක් වෙද්දි කවීගෙ අත සහස්ගෙ අත වටේ එතිල තද කරල අල්ල ගත්තෙ කවී හිතන්නත් කලින්...

........................................................

කවීගෙ සීතල වුන අතක් සහස්ගෙ අත වටා එතෙනකොට සහස්ව  කවී දිහා බැලුව...

කවී හිතුවෙ සහස් ගොඩක් ශොක් වෙලා ඇති කියල ඒත් සහස්ගෙ මූනෙ තිබ්බ සන්සුන්  පෙනුම දැක්කහම කවීට පුදුම හිතුන ...
වෙනදට සහස්ගෙ හිතේ පිරිල තිබ්බ දුක කවීට දැනුනට මේ වෙලාවෙ කවීට එහෙම දෙයක් දැනුනෙ නෑ...
සහස් වෙනුවට කවී හිතෙන් පුදුම වෙද්දි සහස් කවීගෙ අත තව කරල අල්ලගෙත්තෙ කටින් වචන පිට නොවෙන්න තැන්කියු කියන ගමන්...

සහස්ගෙ හිතත් ටිකක් පුදුම වෙලා තිබ්බ් කිව්වොත් වැරැද්දකුත් නෑ මෙච්වර කාලයක් සචින්වම හොය හොය දැගලුව හිත දන් සචින් ඇස් ඉසරහ ඉදියත් වෙනව වගේ රිදෙන්නෙ නෑ කියල සහස්ට දැනුන..
වෙනදට දැනෙන පපුව හීරිලා යන වේදනාව තව දුරටත් පපුවට දැනෙන්න නෑ කියල සහස්ට දැනුන ...
අවුරුදු ගානක් තිස්සෙ ආදරේ කරල එකතු වෙන්න හීන දැකපු ඒ රූපය ඉස්සරහ තිබ්බත් වෙනද  දැනුන ඒ වේදනාව පාලුව තවත් හිතට දැනෙන්නෙ  නෑ කියල සහස්ගෙ හිත කිව්ව...
අන්තිම පාරට සචින්ව නුවර එලියෙදි දැක්ක වෙලාවෙ දැනුන තරම්වත් දෙයක් සහස්ට දැනෙන්න නැති වෙනකොට ඇත්තටම සහස් ටිකක් පුදුම උනා ...
ඒත් ඒදා  නුවර එලියෙදි සචින්ව දැක්ක ඒ මොහොතදි වගේම අදත් කිසිම වෙනසක් නැතුව තමන්ව පරිස්සම් කරන්න කවී ලගටම වෙලා ඉන්නව දැනෙද්දි සහස්ගෙ හදවත් වෙනදට නොගැහුන විදිහට ආපහු ගැහෙන්න ගත්තෙ කිසිම් හේතුවක් හිතාගන්නත් බැරි වෙද්දි.. ඒ හදවතේ රිද්මය තෝර ගන්න සහස්ට පුලුවන් කමක් තිබ්බෙ නෑ මොකද ඒ රිද්මය සහස් අදුරන්නෙ නැති නිසා..
අවුරුදු ගානක් සචින් වෙනුවෙන් පපුවෙන් දැනුන ඒ උනුහුමට ඒ රිද්මයට වඩා ගොඩාක් තියුනු විදිහට වගේම හදවතේ ගැබුරුම තැන ඉදල දැනෙන කියාගන්න බැරි අමුතුම සිතුවිලි ගොන්නක් එක්ක සහ්ස් කවී දිහා බැලුවෙ  හිතා පුරා හැගීම් ගොඩ ගහගෙනමයි...

සුදූ කටරොලු...Where stories live. Discover now