සුදු කටරොලු 15

794 127 3
                                    

.සුදු කටරොළු 15..

සචින්ගෙ සීතල අතක් සහස්ගෙ ඉන වටේ යනව සහස්ට දැනුන...
සහස් සචින්ගෙ ඒ  ස්පර්ශයෙන් ගැස්සිලා ගියා...
සහස් තවත් පුදුම වෙද්දි සචින් සහස්ගෙ ඉන වටේට යවපු අතින් සහස්ව එයාගෙ ලගට ඇදල ගත්තා  ...
ඒක නිසා දෙන්න අතර තිබ්බ පරතරය නැතිවෙලා ගියා...
හුලන් පාරත් එක්ක වැහි පොද ඇගේ වදිද්දි සහස් සචින්ගෙ තුරුල්ලෙ ඉදන් සචින් යන පැත්තටම අඩිය තිබ්බෙ හීනෙන් වගේ...
සචින්ගෙ ලගින් ආපු සුවදින් සහස්ගෙ මුලු  ආත්මයම පිරිල ගියා වගේ සහස්ට දැනුන..
සචින් පාර දිහා බලන් ඉස්සරහට යද්දි සහස්ගෙ ඇස් රැදිල තිබ්බෙ සචින්ගෙ දිහාම විතරයි.

සහස්ගෙ උනුහුම් හුස්ම පාරවල් එක දිහාට සචින්ගෙ බෙල්ලෙ වදිද්දි සචින්ට මහ අමුතුම හැගීමක් දැනුන...
ඒ හැගීම ගලප ගන්න සචින්ට තේරුනේ නැහැ අනික ...
සචින් සහස් වටේට යවල තිබ්බ අත තද කරල සහාව තව ටිකක් එයාගෙ දිහාට ඇදල ගත්තෙ ඇයි කියලවත්....
එහෙමම ඉන්න ඕනි කියල හිත ඉල්ලනෙ ඇයි කියල වත්  තේරුම් ගන්න සචින්ට බැරි උනා...

ඉස්සටහට තියන අඩියක් අඩියක් ගානෙ වැස්ස තද කර කර සහස්වයි සචින්වයි තෙමුවත් දෙන්නගෙන එක්කෙනෙක් වත් ඒක ගනන් ගන්න පාටක් පේන්න තිබ්බෙ නැහැ දෙන්න එක්කම හිමින් හිමින් පාර පැත්තට ගියා..
සහස්ගෙ හිත ඉල්ලුවෙ මේ මොහොත කවදාවත් ඉවර වෙන්න එපා කියල විතරයි....

................................................................

එයාල පාර ලගට යද්දි පොඩි අයිය ඇවිල්ල කාර් එක එතනින් නතර කරා..
සහස් ඒ පාර කාර් එකට නැග්ග...

" මල්ලි ඔයත් යන් මන් අපි ගෙදරට
දාන්නම්..."
පොඩි අයිය සචින්ට කිව්ව..

" ආ මාව ගන්නත් ඇවිල්ල අයියෙ මන් යන්නම්...ඔයාල යන්න...
මන් යනව සහස්..."
එහෙම කියල සචින් සහස්ලගෙ කාර් එක ලගින් අයින් වෙලා එයාගෙ කාර් එක නවත්තල තිබ්බ තැනට ගියා...

සහස් එයා කාර් එකට යනකම්ම ජ්නේලෙ ඇරන් ඒ දිහා බලන් හිටියෙ...
අන්තිමට පොඩි අයිය  කෑ ගහල තමයි සහස්ගෙ පැත්තෙ දොර වැහුවෙ...

" මොනා වෙලාද මන්ද චූටි ඔයාට නම්..."
පොඩි අයිය ටිකක් කේන්තියෙන් සහස්ට කෑ ගැහුව...

සුදූ කටරොලු...Where stories live. Discover now