සුදු කටරොලු 13

872 140 5
                                    


සුදු කටරොළු ....13



" චූටි ... නැගිටින්න ... අද ඉස්කොලේ යන්නෙ නැද්ද..."
" අනේ වද නොදී ඉන්නකො පොඩී තව ටිකක් නිදාගන්න ඕනි මට..."
සහස් පොඩි අයිය ඇදල දාපු රෙද්ද ආපහු ඇදල අරන් ඇස් වලට දාගෙන ඇස් වහගන්න ගමන් කිව්ව..
" බලනව වෙලාව දැන් හතට කාලයි වෙලාව...අද යන්නෙ නැද්ද ..."
"මොකක් හුටා.... අදනම් ඉවරයි..."
සහස් එහෙම් කියාගෙන ඇදේ කෙලින් උනා...
"අනේ පොඩී ඉක්මනට මාව වොශ් එකක් දාන්න එක්ක යන්නකො..."

සහස් ඇස් ලොකු කරන් කියන විදිහට පොඩි අයියට හිනා..
" ඕක තමයි කිව්වෙ ඉක්මනට ඇහැරෙන්න කියල..."
"ඉතින් ඊයෙ එද්දි රෑ උනානෙ හලෝ මට හොදටම නින්ද ගියා ඉතින් බලනව එලාම් එක ඇහුනෙත් නැහැ..."
ඊයෙ රෑ පාටියට ගිහිල්ල එද්දි ගොඩක් රෑ වෙලා තිබ්බෙ... ඇගේ මහන්සියට එක්කම සහස්ට හොදටම නින්ද ගිහිල්ල තිබ්බ...
එලාම් එකත් ඇහෙන්නෙ නැති තරමට සහස් නිදි...
ෆෝන් එක ඔන් කරල බලද්දි  එලාම් එකට අමතරව සචින්ගෙනුත් මිස් කෝල් දෙකක් තිබ්බෙ ඒත් ඒව බල බල ඉන්න වෙලාවක් තිබ්බෙ නැහැ සහස් අයියත් එක්ක වොශ් එකක් දාගන්න ගියා...

..................................................................

" අම්ම ... අද හවස ක්ලාස් හොදේ එන්න පරක්කු  වෙයි..."
සහස් අයියගෙ ඇගෙ එල්ලිලා කාර් එකට නගින ගමන් කිව්ව...

" චූටි ඔයාව ක්ලාස් එකට දාන්න මන් අද එන්නම් ඉස්කොලේ ඉවර වෙලා ඉන්න..."
අයිය කාර් එක ඉස්කොලේ ලග නතර කරන ගමන් කිව්ව..
" හරි පොඩී....මන් එහෙනම් බහිනව..."
"පොඩ්ඩක් ඉන්න තනියම බැහැ නේද..."
" අවුලක්  නැහැ ඔන්න මගෙ  බොඩිගාඩ් එනව..."
සහස් එයාලගෙ දිහාට එන කවීව පෙන්නල අයියට කිව්ව...

...........................................................

කවී එක්ක කතා කර කර හිමින් සහස් ක්ලාස් එක පැත්තට ගියා...

අද ටිකක් පරක්කු වෙලා ආපු නිසාද මන්ද ඉස්කෝලේ ළමයි වැඩියි කියල සහස්ට හිතුන..
දෙන්න එක්ක හිමින් හිමින් ගිහිල්ල පන්තියේ  වාඩි උනා..
තව පැය බාගයක් විතර ගාත කියන්න කලින් තිබ්බ නිසා සහස් බයෝ පොත අතට ගත්ත ටිකක් පාඩම් කරන්න කියලා...
එක්සෑම් එක ටික ටික ලගට එනව කියල සහස්ට අමතක උනේ නැහැ ඒක නිසාම සහස් පුලුවන් හැම වෙලේම පාඩන් කරන්න ඕනි කියල හිතාගත්තා...

සුදූ කටරොලු...Where stories live. Discover now