💚 Chapter 1 ❤️

2K 220 39
                                    

ලේක්චර්ස් ඉවරවෙන්නත් කලින්ම බනී පාරට ආවෙ චින් වත් එක්ක ගෙනමයි.පහුගිය ටිකේ කෙල්ලට තිබුණු ප්‍රස්න නිසාම,කෑම වගේම නින්දත් මඟ ඇරපු කෙල්ල හුගාක් දුර්වල වෙලා හිටියා.

චෙන් එනවද කියලා මඟ බලන ගමන්,හවස්වේගෙන ආවත් තාමත් සැර උණ අව්වෙන් බේරෙන්න දෙන්නත් එක්ක ළඟ තිබුණු ගහක් යටට ගියේ චින් තව ටිකක් බනීට වාරුවෙන ගමන්මයි.

ගහ යට හෙවනේ හිටගන්නවත් එක්කම,විදුලි සැරයක් වගේ ආපු අතක් බනී ව ඇදලා ගත්තෙත් ,දුර්වල වෙලා හිටපු චින් පැත්තකට විසි උණෙත් එකටමයි.වටපිට හැමෝමත් පුදුමෙන් බලද්දිම බනී ගෙ කම්මුල හරහා පාරක් වැදුණේ බනී ට පුදුම වෙන්නවත් ඉඩක් නොතියා.
"බනී...😧"
චින්ගේ කෑගැහිමත් එක්ක යාන්තං සිහි එළවාගත්තු බනී ආපු කේන්තියත් එක්කම තමන්ට පහරදුන්නේ කවුද කියලා බැලුවේ කම්මුල අල්ල ගන්න ගමන්මයි.
;
;
;
;
;
බනී වගේම චින් එකම ෆැකල්ටියක ඉගෙන ගද්දී,චෙන් වෙනම ෆැකල්ටියක ඉගෙන ගත්තා.චෙන්ට අවුරුදු 4කට කලින් චින් ව හම්බ උණේ, බනීව බලන්න බනී ගෙ ෆැකල්ටියට ආපු වෙලාවකමයි.අවුරුද්දක් පුරාම පස්සෙන් ගිහිං චින්ව තමන්ගෙ පෙම්වතියත් කරගෙන,අවුරුදු 3කුත් ගෙවෙන තැන චෙන්,බනී ගෙ ෆැකල්ටියට නෑවිත් හිටපු දවසක් නැති තරම්.

දවස් ගාණක ඉඳන් සුදුමැලි මූණක් එක්ක හිටපු චින්,දවල් විවේකයෙන් පස්සෙ සිට් රූම් එකට වෙලා ඉඳලා,ඉන්නම බැරි තැන චෙන් ට කොල් එකක් දුන්නා.

"ඇයි මැණික හදිස්සියක්ද..

" මට සනීප නෑ චෙන්.🥺 ඇගට පණත් නෑ.හරි අමාරුයි."

චින් කිව්වේ ඉකියකුත් පිටවෙද්දී.

"කලබල වෙන්න එපා මැණික. මන් ඔයාව බලන්න ඉක්මනට එන්නම්.බනීත් එක්ක එළියට එන්න.."

බනී ට කොල්කරපු චෙන්,එයා car එකත් අරන් එනකම් චින්වත් ගෙන්නගෙන gate එක ළඟට එන්න කියලා බනීට කිව්වා.

ලෙක්චර්ස් ඉවරවෙන්න පැයකටත් කලින් බනී චින් එක්ක එළියට ආවෙ,ඇවිද ගන්නත් අපහසුවෙන් හිටපු චෙන් ව තමන්ගෙ උරහිසට වාරු කරගන්න ගමන්මයි.බලපු බැල්මටම ලස්සන කපල් එකක් වගේ පෙනුණු නිසා වගේම,චෙන් චින් ආදර කතාව මේ ෆැකල්ටියට රහසක් නොවුණු නිසාම,අද බනී ට තුරුල් වෙලා යන චින් දිහා ගොඩක් අය උනන්දුවෙන් බලනවා කියලා ඒ දෙන්නටත් තේරුණා.

චෙන් තාමත් මඟ එන ගමන් ඉද්දී,අනිත් ඇස් වලට වඩා උනන්දුවකින් වගේම ගිනි පිටවෙන ඇස් දෙකකින් තවත් කෙනෙක් මේ ජෝඩුව දිහා බලන් හිටියා.

මතුසම්බන්ධයි.....
👩‍💻 dil

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now