💚 Chapter 15 ❤️

824 181 23
                                    

"යටතට්ටුවේ කෙලවරේ....."

යීබෝ කෑ ගැහුවේ බනී හයියෙන් හිනාවෙද්දී....

යීබොත් බනී ත් ෂොපින්ග් මෝල් එකට එනකොටත් ආරක්ෂකයන් විසින් වටපිටාව හිස් කරලා තිබුණෙ,හැමොගෙම අවදානය මැද්දෙ පෙර දින විවාහ උණු මේ යුවලට මේ තරම් ඉක්මනින් අනිත් අයගෙ ඇස් වලින් ගැලවෙලා ඉන්න බැරි බව දන්න නිසාමයි.

හැමදාමත් සෙනඟ අතරෙ ඉන්න,අනිත් අයගෙ අවදානේ දිනාගන්න,අනිත් අයත් එක්ක ගැවසෙන්න කැමති උණ බනී ට මේ දේ ලොකු අපහසුවක් උණත් යීබෝ වෙනුවෙන් ඉවසන් ඉන්න හිත හදා ගත්තා.

වැන්ග් ගෙ කීමට shoping ආවත්,ගෙදර ගිහිං තමන්ගෙ බඩු අරන් එන එක හොදයි කියන සිතුවිල්ල බනී ට ඇති වෙද්දී..

"කලින් ෆෙමින්ග් පපා.....දැන් ඔයා....කවද්ද මන් මේ දේවල් තනියම කරගන්නෙ...."

බනී කිව්වේ සුසුමක් හෙළන ගමන් රහසින් වගේ උණත්,යීබොටත් බනී කියන දේ ඇහුණා වෙද්දී යීබොට බනී ගැන දුකක් ඇති වෙලා නැතිවෙලා ගියා.

"මුලින්ම...අපි දෙන්නාටම දෙයක් ගමු..."

"මට ඕනා නෑ...."

"ම්ම්ම් ඒක හොදයි....දෙන්නම එක වගේම ගමු...."

බනී කිව්වේ එකවගේම නිල් පාට night dress දෙකක් අතට අරන් යීබොගෙ ඇගට තියලා හැඩ බලන ගමන්....

"විකාර..."

එහෙට මෙහෙට දුවමින්,හිනා වෙමින්,කෑ ගහන ගමන් ,විටින් විට යීබොව කේන්ති ගස්සන ගමන් බනී අවස්‍ය දේවල් මිල දී ගත්තා.
සල්ලි තියෙන නිසාම හැමදේම නොගත්තු බනී තමන්ට අත්‍යාවශ්‍යම දේවල් පමණක් ගත්තෙ යීබෝ බනී ගෙ හැසිරීම ගැන පුදුමත් වෙද්දී.

දෙන්නත් එක්ක දවල් කෑමට පපාවත් බලන්න ගිහිං නිවසට ආවෙ කළුවරත් වැටෙන වෙලාවේ වෙද්දී පියගැටපෙළ නැගපු යීබෝ කාමරයට යද්දී බනි මුළුතැන් ගෙට ගියා.

'මන් හදන කෑමත් නොකා ඉදිවිද දන්නෙ නෑ....'

හිත ආයි ආයි අහද්දිත් බනි රෑ කෑම හැදුවා.... කෑම මේසෙටත් අරිනකොට යීබො පහලට ආවා....බනී උඩ පැනගෙන යීබෝ ළඟට ගිහිං අතේ එල්ලුණත් අත ගසපු යීබො ගිහිං ඉදිරිපස දොර ඇරියා...එළියේ හිටපු කවුදෝ දීපු බැග් එකක් අරන් ඇවිත් පුටුවක් ඇදලා වාඩි උණේ ගෙනාපු කෑම පාර්සලේ දිග අරින ගමන් වෙද්දී පිහිතුඩෙන් පපුව හාරන හැඟීමත් එක්ක බනී අසරණ උණා.

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanDonde viven las historias. Descúbrelo ahora