💚 Chapter 33 ❤️

805 160 30
                                    

හැමදේම අවුල් කරපු දෛවයම දවසක ඒ දේවල් විසඳන මොහොත එනකම් ෆෙමින්ග් කොයි තරම් වැන්ග්ගෙන් සමාව ගන්න උත්සාහ කරත් වැන්ග් ඒ වෙනුවෙන් කවදාත් ඉඩ දුන්නේ නෑ....

කේන්තිය නිසාම ෆෙමින්ග් පිටවෙද්දී කාමරේ පුරා තිබුණෙ දරුණු නිහඬ බවක්....කාටවත් හිතා ගන්න බැරි උණා මොනා කරන්නද කියලා.හිතා ගත්තත් ඒ දේ අනිත් අය අකමැති දෙයක් වෙන්න තිබුණා.බනී ට ගෙවල් දෙකම මඟ ඇරලා වෙන කොහේහරි ගිහිං තනිවෙන්න ඕනා උණා.වැන්ග්ට වගේම යීබොට තමන්ගෙ වැරදි හදාගන්න බනීව ළඟ තියන් බලාගන්න ඕනා උණා....චෙන් හැම පැත්තෙන්ම මොහොතක් හිතුවා.

"බනී....අපි ඇමරිකා යමු.ඊට කලින් මට දාගත්තු වැඩ වගයක් තියෙනවා.ඉතිං ඒ ටික ඉවර උණු ගමන් අපි ඇමරිකා යමු..."

යීබෝ කලබල වෙද්දී බනී සැනසුම් සුසුමක් හෙළුවා....

"ඒත් ඒ වෙනකං ඔයා යීබෝ එක්ක යන්න ඕන...මො...ක..."

"ඔයාලට මාව දැන් ඒ තරම් බරක්ද චෙන්....ඒකද මාව පන්නන්න හදන්නෙ...මන් අකමැති දේවල් කරන්න බල කරන්නේ...."

චෙන්ගෙ කතාව ඉවරවෙන්නත් කලින් බනී කෑ ගැහුවා.චෙන් දැනගෙන හිටියා බනී ගත්තු තීරණේ කීයටවත් වෙනස් නොකරන බව. තමන් දාගත්තු වැඩක් නැති උණත් බොරුවක් කියන ගමන් චෙන් මුලින්ම කරේ බනී ගෙ කැමැත්තට ඉඩ දීපු එක වෙද්දී බනී වෙනුවෙන්,වැරදි හදන් නැගිටින්න හදන යීබෝ වෙනුවෙන් වගේම අවුරුදු ගාණක් හිත් දෙකක තියන් විදවපු ඒ ආදරේ වෙනුවෙන් තව එකම එක අවස්ථාවක් දෙන්න චෙන්ට උවමනා උණා....

"මන් කියන දේ අහන්න බනී...ඔයාව අපිට කවදාවත් වදයක් නෙමෙ.එහෙම දැනුණා නම් ඔයා මේ තරම් කල් අපි එක්ක ඉදිවිද..."

"....."

"ඒ උණාට පපා තාම අසනීපෙන් ඉන්නෙ.මේ ප්‍රස්න දැන ගත්තම ආයි කල්පනා කරන්න ගනී.මමා කොහොමත් ඔයා එක්ක තවත් තරහින් ඉන්නෙ මේ වෙලාවේ.ඉතිං ඔයා ගෙදර ගියොත් වැඩි පුර රිදෙන්නේ පපාට.ඔයායි මමායි අතර ආයි එයාට පීඩනයක් දැනෙයි...."

"හ්ම්ම්....."

"ඉතිං හොදම දේ ඔයා ආපහු යීබෝ එක්ක යන එක...සතියනේ....ඊට පස්සෙ අපි ඇමරිකා යමු..."

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now