💚 Chapter 14 ❤️

871 180 25
                                    

දවස පුරාම කැළඹුණු හිතත් ඇඟට දැනුණ මහන්සියත් ,අන්තිමෙදි කොයි විදිහෙන් හරි,තමන් ආදරේ කරපු කෙනා ලග ඉන්නවා කියන සැනසීමත් නිසා බනීට හොදින් නින්ද ගියා උණත්,යීබො රෑ පුරාම ඇහරිලා හිටියා....හැමදාමත් තනි කමට ඇළුම් කරපු යීබොට තව කෙනෙක් එක්ක තමන්ගෙ ඇඳ බෙදා ගන්න එක ලොකු අපහසුවක් වෙද්දී ,ඉදිරිය ගැන තිබුණ අවිනිශ්චිත බව යීබොගෙ නින්ද සොරාගෙන තිබුණා....

යන්තමින් එළිය වැටෙද්දී පුරුදු වෙලාවටම බනී ට ඇහැරුනත් නුපුරුදු පරිසරයත් එක්ක, නොසන්සුන් උන බනී ට පහුගිය සිදු වීම් එකින් එක මතක් උණා....

"යී...බෝ...."

තමන් ලඟින්ම ,කොට්ටෙ උඩින් නමාගත් දෑත් මත හිස තබන් උඩ බැලි අතට සැප නින්දක ඉන්න තමන්ගෙ හීන කුමාරයා දැකපු බනී ආයිමත් ඇස් පොඩි කරන ගමන් යීබො දිහා බැලුවේ ඇත්තටම සැබෑවක්ද හිතා ගන්න බැරුව වගේ....

"දැන් ඉන්න හැටි. අහින්සකයා වගේ...."

දරාගන්න බැරි ආදරයක් හිතට දැනෙද්දී මූණින් අතට අනිත් පැත්තට පෙරළුණු බනි,වැලමිටෙන් නමපු අත මත නිකට තබමින්,යීබොගෙ මුහුණ දෙස බලන්ම , පපුව මත දැනෙන නොදැනෙන ගාණට නිය රටා ඇන්දේ සිවිලිම දෙසට දිගුව තිබු දෙපා පද්දන ගමන් වෙද්දී ,එතනින් ඉවත් වෙන්න හිතක් නොතිබුණත්,අදින් එළඹෙන අලුත් ජීවිතේට මූණ දෙන්න දහිරිය හිතේ පුරවන් අනිත් පසට පෙරළෙන ගමන් දෙපා වලට බලය දෙමින් ඇදෙන් බිමට පැන්නා....

පෙරදින හවස කලබලේ මැද්දේ හරියට බලාගන්න වත් ඉඩක් නොතිබුණු තමන්ගෙත් යීබෝගෙත් පුංචි කැදැල්ල වටේ බනී රවුමක් ගියේ අත් දෙකත් පිටුපසට බැඳන් සිවුරුහම් බාන ගමිනුයි....

"ගොඩාක්....ලස්සනයි...." බනී තමන්ටම මුමුණන ගමන් මුළු තැන් ගෙය සොයා ගියා.

යීබොට අවස්‍ය විදිහට නිවස සැලසුම් කරන්න වැන්ග් යීබොට බලකරත් ඒ හැමවෙළේම යීබෝ උදාසීන විදිහට පපාව මඟ ඇරියා. අන්තිමට ගෘහ නිර්මාණ ශිල්පීන්ට අවස්‍ය පරිදි නිවස නිම උණාට පස්සෙ නිවස බලන්න ආපු යීබෝ කරපු එකම දේ උණේ...නිවසේ තිබුණු හුදෙකලාම කාමරෙ තමන් වෙනුවෙන් තෝරා ගන්න එක විතරයි වෙද්දී දවසක මේ කාමරේ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න වෙන එකනම් යීබොට අමතක වෙලා තිබුණා....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now