💚 Chapter 18 ❤️

803 176 48
                                    

ඒ හැමදවසක්ම පහුවදාට එළි වෙද්දී බනී ට කලින්ම ඇහරිලා මොකුත් නොවුණ ගාණට ආපහු ගිහිං ,ආයිමත් බනී ළඟින් නිදා ගත්තා....

බනී ට හදිසියේ ෆෙමින්ග් ගෙ නිවසට යන්න උණේ  ෆෙමින්ග් පපාට බනීගේ බඩු එවනකොට එවන්න අමතක උණු පොත් වගයක් අවස්‍ය උණු නිසයි.මේ වෙනකොට චෙන් ගෙ ප්‍රස්න විසදිලා තියෙද්දී දෙපැත්තෙ පවුල් වල ආශිර්වාදයත් හිමි උණා වෙද්දී ෆෙමින්ග් වගේම වෙන්,මාස ගාණක් ගත උණත් වැන්ග්ගේ නිහඬ බව ගැන පුදුම වෙනගමන් සැනසීමට පත් උණත් මේ නිහඬ බව ගැන සැකෙකුත් දෙන්නගේම හිත් වල තිබුණා.

ෆෙමින්ග් බනී ගැන කනස්සල්ලට පත් උණත්,විටින් විට office එකට ඇවිත් තමන්ව බලලා යන බනී ගෙ මූණේ තිබුණ සතුටත් සැනසීමත් දැකපු ෆෙමින්ග් හැමදේම කාලයට ඉඩ දීලා බලන් ඉන්න තීරණය කරා. 

කලබලෙට රටින් පිටවෙලා ගිය චෙන් චිනුත් එක්ක දරුවා ලැබෙනකම් එහෙම නවතින්න තිරණේ කරේ චින් ඉන්න තත්වයත් එක්ක නිතර ගුවන් ගමන් සුදුසු නැති නිසා වෙද්දී ,ඇස් දෙක වගේ බලා ගත්තු සහෝදරයෝ දෙන්නම එකවර දුරස් උණ එක ගැන කනස්සෙල්ලෙන් හිටපු යැන්ලි,චින්ගේ තනියටත් එක්ක එයාලා ළඟට ගිහිං තිබුණා.

යූ මාමාට තනියම මූණ දෙන්න ශක්තියක් නැති නිසාම යූ මමා සාමාන්‍යයෙන් නිවසේ නැති වෙලාවක්ම බලලා බනී  නිවසට ගියා.හැමදාමත් තමන්ට ආදරේ කරපු තමන් ආදරේ කරපු බනී ව දැක්කම සේවකයො හැමෝම සතුටට පත් උණා.කාලෙකින් ගෙදරට ආපු බනී ට සලකන්නත් තොරතුරු අහන්නත් හැමෝටම ඉවසිල්ලක් නැති වෙද්දී බනී සතුටින් ඉන්න එක ගැන එයාලත් සතුටු උණා.හැමෝටම ආදරෙන් සලකන බනී ඉදිරියෙ මොන නපුරාගේ උණත් හිත උණු වෙනබව හැමෝම කතා කරේ හරි ආඩම්බරෙන්.

යූ මමාගේ නපුරුකම් මැද්දේ උණත් හැමදාමත් සතුටින් හිනාවෙන් පිරිලා තිබුණ නිවස අද පාළුවට ගිහිං තියෙන හැටි දැක්කම බනී ගෙ ඇස් වලින් කදුළු කැට කඩන් වැටුණා...

ජීවිතේ වැඩි කාලයක් තමන්ගෙම උණු තැන දැනුණ නිදහසත් එක්ක කාටවත් කාලය ගත උණා දැනුණේ නෑ .අන්තිමේ ආපු කාරණාව මතක් උණු බනී අකමැත්තෙන් උණත් එතනින් නැගිට්ටෙ තමන්ගෙ කාමරේට යන්න  උණත්,මේ තරම් වෙලා හැමෝගෙම හිත් වල තිබුණ සතුට නැති උණේ අහිංසක ඇස් වේදනාවෙන් පිරෙද්දී....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now