💚 Chapter 4 ❤️

1.1K 200 30
                                    

දරන්න බැරි තරම් යීබෝගේ පහරවල් සැර උණත්,තොල් පට පුපුරලා ලේ ගලද්දීත්,මූණේ තැනින් තැනට ලේ පිරෙද්දීත්,ඒ පහරවල් වදින්නේ තමාට නෙමෙ වගේ ,එක දිගට පහරකමින් හිටපු බනී පෙරලා පහර නොදුන්නා විතරක් නෙමෙ,ඇස් අහකට නොගෙන යීබෝ දිහාම බලන් හිටියෙ  දිලිසෙන ඇස් දෙකක් එක්ක හිනා වෙන ගමන්....

🧚‍♀️🧚‍♀️ නොමියෙනා මතක 🥺

ලොකු වැස්සකට පස්සෙ හෙමීට වැටුණු පින්නට යටින් බනී town එකට ගියේ school එකට අවස්‍ය පොත් ටිකක් ගන්න.යන හැම තැනම චෙන් එක්ක ගියත්,අද චෙන්ට අමතර පංතියක් තිබුණු නිසාම බනී මේ ගමන තනියම ආවා .

පොත් ටිකත් අරං පාර දිගේ හෙමි හෙමින් ආව බනී දැක්කේ තමන් ඉදිරියට වේගයෙන් දුවන් එන පිරිමි ළමයි දෙන්නෙක්. ඒ අයට ඉඩදෙන්න බනී පැත්තකට උණා .එක් අයෙක් බනීව පසු කරන් යද්දී ,දෙවනියට ආපු පිරිමි ළමයා  බනී ට කිට්ටු වෙද්දී  දුවමින් ගමන්ම පිටුපස හැරිලා බැලුවේ ඔවුන් හඹා එන  තවත් පිරිමි ළමයෙක් දිහා...

ඒ බැල්මත් එක්කම ආපහු හැරුණ ළමයා ආපු වේගෙන්ම බනී ගෙ හැප්පෙනවාත් එක්කම බනී විසිවෙලා ගියත්, බනී දිහා නොබලාම තවත් වේගයෙන් ඉදිරියට දිව ගියා.

වැස්සට කලින් ගෙදරින් එළියට ඇවිත්,වැස්ස නිසාම ආපහු ගෙදර යන්න පාර හොයාගන්න බැරිව දංවැල  කරේ එල්ලගෙනම  කලු පාට ලොකුම ලොකු බල්ලෙක්,වාහන සද්දෙට බයේ පාර අයිනෙ ගුලිවෙලා ඉන්නවා  බනී දැක්කෙත් නෑ.

විසි උණ වේගෙට වැටෙන්න ගිය බනී ට දන්නෙම නැතුව අර බල්ලගේ කකුලක් සැරටම පෑගුණා ... සීතලේ ගුලි වෙලා බයෙන් ගැහි ගැහී හිටපු ඒ මොහොතේ,එකපාරින් එල්ල උණ සතුරු පහරින් බය උණ බල්ලා පැනපු ගමන් බනීගේ කකුල කටින් අල්ලගත්තා.කකුලෙන් ආපු වේදනාවත් එක්ක බයෙන්ම හැරිලා බලපු බනී ,තමන් දිහා දත්විලිස්සන් බලන් ඉන්න  බල්ලව දැක්ක ගමන් එතනම ගල් උණා....

තමන්ට හිටිහැටියේ පහර දුන්න සතුරා තමන්ටත් වඩා බයවෙලා ඉන්නවා දැකපු බල්ලා,අතරමං උණ හැඟීමත් එක්කම ,කන් බිහිරි කරවන hone සද්දෙත් එක්ක වේගෙන් යන පණ නැති සතුරන් ඉදිරියෙ හැංගිලා තිබුණ වීරකම බයෙන් ගැහෙන කොලුවාට පෙන්වවන්න ගත්තෙ එතනින් පලා යන්නවත් අදහසක් නැති වෙද්දී....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now