💚 Chapter 27 ❤️

791 162 101
                                    

පරණ බනී වෙනුවෙන්,එ දගකාර බනි වෙනුවෙන් හිත ආදරෙන් පුරවන් බලන් හිටියා.....

හිත රිදවන වදන් වලට තැවෙන්නට එපා....

හිත් ඇතුලේ ප්‍රස්න කොයිතරම් තිබුණත් උවමනාවකට අරුණම  එකිනෙකා කතා නොකරත් දෙන්නා එකටම හිටපු ඒ දවස් තුන හතර දෙන්නටම ලොකු සැනසීමක් වෙද් දි යීබෝ ආයිමත් office යන්න පටන් ගත්තා.

සාමකාමිව ගෙවිලා ගිය කාලෙ ආයිමත් එක තැන නවතින්න ගියේ එක තත්පරයක් වෙද්දී බනීට යැන්ලිගෙන් කෝල් එකක් ආවේ හදිසියේම....

"බනී...."

යැන්ලි කතා කරේ ඉකි ගහන ගමන්.

"බනී...පපා...පපා අසනීප වෙලා.හොස්පිට්ල් එකේ..."

"අනේ....අනේ මොනා වෙලාද"

"හාට්....ඇටක් ඇවිත් බනී...."

"හදිස්සියෙ.....පපා හොදින් නෙද...චෙන් කොහෙද..."

"එයා දැනටමත්....මෙහෙන් පිටත් උණා බනී.ආරංචිය ලැබුණ ගමන්..."

බනී ගෙ හිතට පුංචි දුකක් ඇතිවෙලා නැති වෙලා ගියා.වෙනදා මොන ආරංචිය උණත් තමන්ට ලැබෙන්නේ චෙන්ගෙන් උණත් අද මේ තරම් වැදගත් ආරංචියක් වෙලත් පිට රටක ඉන්න චෙන් ආරංචිය දැනගෙන එන්න මඟට බැහැලත් තමන්ට නොකිව එක ගැන බනී පුදුමත් උණා.

කලබලේ වැඩි කමට යීබොට කියලා ඉන්නවත් බනීට සිහියක් නැති වෙද්දී ඉක්මනින් ලෑස්ති උණ බනී හොස්පිට්ල් එකට ගියා.

ෆෙමින්ග් පපා හුගාක් අමාරු තත්වයක icu එකේ ඉද්දී හොස්පිට්ල් එකට ගිය බනිට මුණ ගැහුනෙ යූ මමා විතරක් වෙද්දී,හිතේ මෙතරම් වෙලා තිබුනු පීඩනේ බනී දකින කොටත් වැට කඩොලු  කඩන් එළියට ආවා.

"තමුන් මූසලයා....මෙතන්ටත් ආවාද...අපෙ ජීවිත විනාස කරලා මදිවෙලා තව බලන්නත් ආවාද.... මොකෝ අපි තාම පණපිටින්ද බලන්න ද ආවෙ....උඹ උඹ නිසා තමා මේ හැමදේම....පළයන්..........මන් උඹට එදත් කිව්වා අපෙන් ඈත් වෙලා හිටපන්...."

ඒ හී සර වගේ වචනවලට බනී මූණ දුන්නේ හරි අමාරුවෙන් වෙද්දී හොස්පිට්ල් එකේ සද්දෙ හොද නැති නිසාම බනී එතනින් මඟ ඇරලා ගියා. ඉස්සර හිටපු බනී ට වගේ දැන් ඉන්න බනී ට මොන දේ උණත් දරාගන්න අමාරුයි කියලා බනීට තේරුම් ගියේ දින කීපෙකට හිතින් ඈත් වෙලා තිබුණු මූසල හැඟීීම ආයීමත් හිත වෙලා ගනිද්දියි....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now