💚 Chapter 32 ❤️

763 152 23
                                    

කියාගන්න දහසක් දේවල් හිතට ආවත් එහෙමම ගොළු වෙද්දී කොලර් එක අත ඇරපු ෆෙමින්ග් දත් මිටි කන ගමන් එතනින් එළියට ගියා....

ෆෙමින්ග් වැන්ග් වගේම බනී ගෙ අම්මා සංරන් කුඩා කල ඉඳන්ම හොදම යාළුවෝ උණා.වැන්ග් ෆෙමින්ග් ගෙ පවුලට වැඩ කරපු රියදුරෙකුගේ පුතෙක් උණත්,ෆෙමින්ග් වගේම පවුලේ අය හැමදාමත් වැන්ග් ට සැළකූවේ තමන්ගෙම පවුලේ කෙනෙකුට වගේ.වැන්ග් ට තමන්ගෙ පවුලේ කෙනෙක් විදිහට හිටියෙ පපා විතරක් වෙනකොට අවුරුදු 15 දි පපාගෙනුත් වෙන් වෙන්න සිදු උණේ හරිම අවාසනාවන්ත විදිහට.

ෆෙමින්ගෙ පපා ව්‍යාපාරික තරග කරුවෙකු අටවපු උගුලක් නිසා වංචා චෝදනාවකට අහුවෙද්දී තමන්ගෙ බොස් වෙණුවෙන් ඉදිරිපත් උණු වැන්ග් ගේ පපා වැරද්ද බාරගත්තේ වැන්ග්ව ෆෙමින්ග් පවුලට බාර දෙන ගමන්.සිර දඩුවම වසර 3ක් වෙද්දී අවුරුදු එකහමාරක් පමණ ගෙවෙනකොට වැන්ග්ගෙ පපා සිර මැදිරියේම මිය ගොස් තිබුණෙ හදිසි අසනීප තත්වයක් නිසා.

ෆෙමින්ග් පවුල ගැන වැන්ග් ගේ හිතේ යාන්තමින් ගිනි පුපුරු මතුවෙන්න මේ සිදුවීම හේතුවක් උණත් ෆෙමින්ග් පවුලෙන් ලැබුණු ආදරේ නිසා වැන්ග් හැමදේම ඉවසන් හිටියා.යාළුවෝ තුන් දෙනාම එකම යුනි එකේ එකම ඩිග්‍රියක් කරා වෙද්දී හුගාක් ලගින් හිටපු මේ මිතුරුකම අතරටත් අවාසනාව ගලා එන්න ගත්තා....

සංරෙන්ගේ පවුලත් ෆෙමින්ග් පවුලත් බොහෝ කාලයක් තිස්සේ සම්බන්ධකම් තිබුණු අය වෙද්දී ඒ සම්බන්ධකම් වැඩි කරගන්නත් එක්ක සංරෙන්ගෙත් ෆෙමින්ග්ගෙත් විවාහය සිදුකරන්න යෝජනා උණා.ෆෙමින්ග් කාලයක් තිස්සේ මේ ගැන හීන මැව්වා වෙද්දී සංරෙන්ගේත් විවාහයට අකමැත්තක් තිබුණෙ නෑ.මේ වනතුරුත් වසර ගණනක් වැන්ග්ගෙ හිතේ සංරෙන් ගැන බලාපොරොත්තු තිබුණ බවක් කවුරුත් දැනගෙන හිටියෙත් නෑ.

අන්තිමේ හැමදේම නොහිතපු වෙලාවක වෙනස් වෙද්දී වැන්ග් ගේ හිතේ තිබුණ බලාපොරොත්තුව හැම දෙනාම දැන ගතතේ හැමෝම අසරණ වෙද්දී.ෆෙමින්ග් ,වැන්ග් වෙනුවෙන් සංරෙන්ව අත අරින්න කැමති උණත් සංරෙන්ගේ පවුලේ අය වැන්ග් ට අකමැති උණේ ෆෙමින්ග් පවුලේ දරුවෙක් වගේම ඇති දැඩි උණත් රියදුරෙකුගේ පුතෙක් නිසා.අන්තිමේ හැමෝගෙම මැද්දේ අසරණ උණ සංරෙන් තීරණේ කරේ තමන් දෙන්නාගෙන් කවුරු සමගවත් විවාහ නොවන බවයි.මිතුරන් අතරෙ තිබුණ බැදීමවත් ඒ නිසා රැකෙයි කියලා හිතපු සංරෙන් පවුලෙන් ගෙනපු වෙනත් යෝජනාවකට කැමති වෙලා අධ්‍යාපන කටයුතු ඉවරවෙන්නත් කලින් සිදු උණ විවාහයෙන් පස්සෙ විදෙස් ගත උණා....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now