💚 Chapter 30 ❤️

835 164 51
                                    

"මේ දරුවා මැරෙන්න දාලා උඹ මොන ලෝකෙද ඉන්නෙ...."

"පපා බනී...."

"බනී තමා යකෝ....ඉක්මනට hospitl එකට වරෙන්...."

යීබෝ ගෙයින් එළියට බැස්සේ අසිහියෙන් වගේ වෙද්දී ගැහෙන හදවත අමාරුවෙන් ඉවසන් hospitl එකට ගියා....

හදිසි ප්‍රතිකාර ඉවරවුණු බනී,පසු උණ අසාද්‍ය තත්වේ නිසාම icu එකට මාරු කරලා තිබුණා.icu එක ඉදිරිපිට පුටු පේළියේ දෙකොනෙහි ඉඳගෙන වැන්ග් වගේම චෙන් වෙනම ලොකෙක අතරමං වෙලා හිටියා.

රොහලේ විමසීම් කරන තැනින් බනී ඉන්න තැනක් අහපු යීබොට ඒ ඇහුණු දෙයින් පස්සෙ ඉදිරියට පයක් තියන්නවත් ශක්තියක් තිබුණෙ නැති තරම් වෙද්දී අමාරුවෙන් දෙපා වාරු කරගෙන icu එක හොයන් ගියා.

'icu....දෙයියනේ බනී ට මොනා වෙලාද....'

යීබෝ icu එකට කිට්ටු වෙද්දී ඉදිරිපිට පුටුවේ ඉඳගෙන හිටපු චෙන්වත් ඊටත් එහා කෙලවරේ හිටපු පපාවත් යීබෝ දුර තියාම දැක්කා....අඩි සද්දෙට ඔළුව උස්සලා බලපු චෙන්ට පුදුමෙන් බලන් ඉන්න ඉඩ ඇරලා අඩියට දෙකට යීබොට කිට්ටු කරපු වැන්ග් යීබෝගේ කම්මුල හරහා දරුණු පහරක් එල්ල කරා....

"පපා....."

" උඹ....උඹ මොකක්ද මිනිහො කරේ...අර හා පැටියෙක් වගේ හිටපු අහිංසකයාට මොනවාද උඹ මේ කරේ...."

වැන්ග් ගෙ පහර නොවැදුණාක් මෙන් කියපු කිසිවක් නෑසුනාක් මෙන් යීබෝ අඩියට දෙකට icu එකේ දොර ළඟට කිට්ටු උණා....

"බනී...."

කියාගන්න බැරි හැඟීම් දහසක් හිතේ තෙරපෙද්දී වීදුරු දොරේ තිබුණ පුංචි රවුමෙන් බලන් යීබෝ කෑ ගැහුවා.එහෙන් මෙහෙන් බට දාලා ඇඳ උඩ තිබුණු මැෂිමක් වගේම බනී වැතිරිලා හිටියා.පුංචි වීදුරු රවුම පුරා යීබෝගේ ඇගිලි එහෙ මෙහෙ දිව්වේ එතන ඉඳන්ම බනීව අතගාන්න වගේ.චෙන් වගේම වැන්ග් ,යීබෝ දිහා බලන් හිටියෙ කලකිරීම පිරුණු ඇස් වලින්. බලන් ඉන්න බැරිම තැන චෙන් අහක බලාගද්දී යීබෝව හොද හැටි අදුරන වැන්ග් ගෙ හිතේ යීබෝ ගැන දුකකුත් ඇති උණා.

"ප්..පා....ම...ගෙ...බනී....එ.. යා...එයාට...මො...නා....වෙලා.."

යීබෝ අමාරුවෙන් වචන ගලපද්දී වැන්ග් ට ආයීමත් කේන්ති ගියා.

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanUnde poveștirile trăiesc. Descoperă acum