💚 Chapter 29 ❤️

809 169 39
                                    

චෙන්ට බනී හමු උණ මුල් කාලෙ සිහිකරමින් බෝලයක් වගේ ගුලි උණ බනී කොට්ටෙකුත් බදන් අඩ අදුරු කාමරේ ඇඳ අයිනෙ නිදන් හිටියා....

චෙන්ගේ car එක පාරෙ තිබුණ වාහන එකින් එකට ඉස්සර කරමින් ඉදිරියට ඇදුණෙ වේගයෙන් වෙද්දී පැසෙන්ජර් සීට් එකේ හිටපු බනී දිහා විටින් විට බැලුවා....තොලුත් එක්ක සුදුමැලි වෙලා කිසිම ප්‍රාණවත් ගතියක් නොවුන බනී ගෙ හිස පැත්තකට කඩා වැටිලා තිබුණා.සීට් බෙල්ට් එක නොතිබෙන්න නොවැටි ඉන්න තරම්වත් ශක්තිමත් බවක් ඒ සිරුරෙ තිබුණෙ නැති උණත් දකුණතේ ඇගිලි අතර බනී හැමදාම ආදරෙන් බලාගත්තු යීබෝගේ අයිස් cap එක කිටි කිටියේ හිරවෙලා තිබුණා....

කලබලෙන්ම බනීවත් අරන් චෙන් රෝහලට ආවා වෙද්දී වෛද්‍ය වරු ප්‍රතිකාර පටන් ගත්තේ කඩිනමින්.හිතේ හයියට බනී ව උස්සන් හොස්පිට්ල් ගෙනාවට චෙන් හිටියෙ කරන්න ඕනා මොනවාද කියන්න ඕනෑ කාටද කියලාවත් හිතාගන්න බැරි තත්වෙක....ටිකින් ටික සිහි එළවා ගනිද්දී චෙන්ට මතක් උණේ යීබෝව....

'ඔව් මොනා උණත් ඒ බනී ගෙ හස්බන්ඩ්...'

යීබෝගේ no එකක් තමන් ළඟ නැති වෙද්දී internet search කරලා වැන්ග් group එකේ no එක හොයාගත්තත්
යීබෝව කන්ටැක් කරගන්න එක කරගන්න බැරි වෙද්දී චෙන් අකමැත්තෙන් උණත් වැන්ග් ට පණිවිඩේ දැනුම් දුන්නා....එකපිට එක ආපු කරදර නිසා තෙහෙට්ටුවක් දැනෙද්දී සුසුමක් හෙළපු චෙන් කල්පනාවට වැටුණා.
.
.
.
කර්ට්න් වලින් ආවරණය උණු බල්බ් එකක්වත් පත්තු නොවුන කාමරේ තිබුණෙ අදුරක් වෙද්දී අමාරුවෙන් ස්විච් එක හොයන් චෙන් බල්බ් එක දැල්වූවා....බනී ඉන්න විදිහෙන්ම චෙන්ට මහා ලොකු අමුත්තක් දැනෙද්දී බනී ළඟට ගිහිං උරහිසින් හොල්ලලා කතා කරා.

කොයිතරම් කතාකරත් ප්‍රතිචාරයක් නැති තැන බනීවත් උස්සන් එළියට බැස්සා හැටි මතක් වෙද්දී චෙන්ගේ ඔලුව තව තව අවුල් උණා.
.
.
.
චෙන් ට මතක් උණේ බනී ව දැකපු මුල්ම දවස්.තමන්ට සෙල්ලම් කරන්න මල්ලි කෙනෙක් ගේනවා කියලා පපා කිව්වම තමන් යැන්ලි අක්කාත් එක්ක උඩ පැන පැන සතුටු උණ හැටි චෙන්ට මතක් උණා.බනී ව බලන්න මුලින්ම රෝහලට යද්දී චෙන් ගෙ ඔළුවේ හිටියෙ පුංචි රෝස පාට ඇගිලි උරණ මල්ලි බබෙක් වෙද්දී බනී ව දැකපු චෙන්ගේ බලාපොරොත්තු කඩන් වැටුණා.

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now