💚 Chapter 40 ❤️ End

1.5K 172 126
                                    

බනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බනී....

ජීවිතේ අමාරු කාලවලදී කාලෙ ගෙවෙන්නේ ගොඩක්ම හෙමින් වෙද්දී දන්නවාද ලස්සනම දවස් ගෙවෙන්නේ හරිම ඉක්මනින්....ගෙවුණු කාලෙ යීබොට වගේම මටත් හුගාක් අමාරු කාලයක් උණත් අපේ ජීවිත වලටත් අන්තිමේ වසන්තෙ ඇවිත්....

ඔව් දැන් අවුරුද්දක්....යීබෝ එක්ක මේ ගෙදරට ඇවිත්...ලෝකයක් ඉස්සරහා අපි අපේම වෙලා අවුරුද්දක්....මේ කාලෙ පුරාම සිද්ධ උණ ,දරාගන්න උණ හැමදේම එක දිගට හිත ඇතුලේ එහා මෙහා යද්දී පාන්දරටත් එළි වෙද්දී මම තාමත් ඇහරිලා....

කාලෙකට කලින් වගේ පපුව මිරිකෙන තරම් දුකක් හිතට දැනෙන නිසාවත්,ඒ දුක දරාගන්න බැරි නිසාවත් නෙමෙයි....හිත පුරවලා තියෙන සතුට දරාගන්න බැරිව....

කාමරේ පුරාවට දිලිසෙන ඒ රතු පාට දිහා මන් බලන් හිටියෙ හරි ආසාවකින්...ඔව් අවුරුද්දකට කලින් ඒ ලස්සන රතුපාට ලෝකේ ඇතුලෙ අපිට විදගන්න බැරි උණ ලස්සන විදින්න යීබොට උවමනා වෙලා.... අවුරුද්දකට කලින් අද වගේම දවසක ඒ රතු පාටත් එක්ක විදින්න තිබුණු හැඟීමටත් වයිර කරපු මෝඩයාට....මගේ මෝඩ යීබෝට.....

office ගිහිං දෙන්නත් එක්ක කලින්ම එද්දී එහෙට මෙහෙට ඇඹරෙනකොටම මට තේරුණත් මොකක් හරි මගඩියක් තියෙනවා කියලා මන් සද්ද නැතිවම හිටියා.පඩි පෙළ නගින කොටම මගේ ඇස් දෙක එයාගෙ අත් වලින් වහගද්දි කාමරේට ආවම ඇත්තටම මන් පුදුම උණේ මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුණ නිසාමයි....

"බෝ....."

මගේ කටහඬ බිදෙන සද්දෙට මන් ම ගැස්සෙද්දී මන් යීබෝ දිහා බැලුවේ....දෙයියනේ මේකා රතු වෙලා ජම්බු ගෙඩිය වගේ....ඇත්තටම අද හනිමූන් ආවා වගේ....ඒ කම්මුල් දෙක අල්ලගෙන ආදරේ වැඩි කමට චුට්ටක් මිරිකන් ඉද්දී මට මතක් උණේ අවුරුද්දකට කලින් ගෙවුන ඒ දවස ගැන වෙද්දී මගේ මූණ එකපාර වෙනස් වෙන හැටි යීබෝ දකින්න ඇති....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now