💚 Chapter 10 ❤️

911 186 63
                                    

බනීට පුදුමෙන්ම බලන් ඉන්න ඉඩ ඇරපු යීබො බනීගේ අතින් ඇදන්ම ගුවන්තිටුපළෙන් එළියට ආවා....

ආරාධිත සියලු දෙනා මේ වන විටත් විවාහ ශාලාවට පැමිණ සිටියා.හැමෝම බලන් හිටියෙ වැන්ග් සමූහයේ අනාගත අයිතිකරු වගේම ඔහුගෙ මනමාලිවත් දැක බලා ගන්න නොඉවසිල්ලෙන් වෙද්දී,යීබො වගේම බනි වෙන වෙනම පැමිණ විවාහ ශාලාවට ඇතුලු උණා....

හතර අතෙන් එල්ලවෙන කැමරා එළි අතරෙ හැමෝම හෙව්වෙ මනමාලිව වෙද්දී ශාලාව පුරා කසු කුසුවක් පැතිර ගියා.යීබෝ සහ බනී ශාලව දෙපසින් ඉදිරියට ගොස් විවාහ මණ්ඩපයට ගොඩ උණේ මුළු ශාලාවම එක තත්පරෙකට මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වෙද්දියි. එක මොහොතකින් හැමෝම සිහි එළවාගන්න අතරෙ ශාලාවම ආලෝකමත් කරමින් කැමරා එළි නොනවත්වා නිවී නිවී දැල්වුනෙ මොනවාම හෝ මඟ ඇ රෙයි වගේ.

අනිත් හැමෝටමත් වඩා මේ මොහොතේ වැඩිපුරම පුදුම උණේ වැන්ග් පපා වෙද්දී තත්වය තේරුම් ගන්න ඔහුට මදවෙලාවක් ගත උණා.හැමෝම පුදුම කරන්න බලන් හිටපු වැන්ග් අන්තිමේ හැමෝටම වඩා පුදුම වෙලා තිබුණා. සිද්ධවෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්න ඉඩ අරිනවා මිසක් ඔහුට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණෙ නෑ....

හැමෝම බලන් හිටපු මුදු මාරු කරන අවස්ථාවත් උදාවෙද්දී බනී තාමත් හිටියෙ සිහිනයත් සැබෑවත් අතර අතරමං වෙලා.තමන්
යීබො කියපු විදිහකට හිටියොත් චින් චෙන් දෙන්නට තවත් කරදර ඇති නොවේවි කියන සිතුවිල්ලත් එක්ක ,බනී මුලින් යීබොට කැමති දෙයක් කරන්න ඉඩ දීලා බලන් හිටියා.තමන් වටේ වටවුණු සේවකයන් විසින් ඉහල සැලකිලි මැද්දෙම ඉස්තරම්ම,සම්පූර්ණ ඇදුම් කට්ටටලයකින් තමන්ව සරසද්දීත්,හදිසියේ ගෙන්වන ලද ආබරණ කරුවෝ විසින් කඩිමුඩියේ තමන්ට ගැලපෙන මුද්දක් තොරද්දීත් ඔහෙ බලන් ඉන්නවා ඇරෙන්න අවසාන ප්‍රතිඵලයක් ගැන බනී ට කිසිම අදහසක් තිබුණෙ නෑ....විවාහ ශාලාවටත් ඇතුලු උණාට පස්සෙ වැන්ග්ගෙ ලේකම් ඉදිරියට ඇවිත් බනීව විවාහ මණ්ඩපයට එක්කන් යද්දී වෙන්න යන දේ තේරුම් ගියත්,තමන් මේ වනවිටත් ප්‍රමාද වැඩි බව තේරුම් ගත්තු බනී පුළුවන් තරම් තමන්වම සන්සුන් කරගන්න උත්සාහ කරා....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now