💚 Chapter 21 ❤️

848 171 91
                                    

ඒ ඉරියව්ව මමාත් පපාත් අහිමි උණ මුල් කාලෙ දොස්තරලත් වෙහෙස මහන්සි වෙලා බනීගෙන් දුරස් කරපු ඉරියව්වක් කියලා යීබෝ දැනන් හිටියෙ නෑ.....

යීබෝ කොයිතරම් වෙනස් කම් කරත්,පහුවදා උදේ බනී වෙනදා වගේම හිනාවෙලා හිටියෙ රෑ එළිවෙනකං යීබෝගේ හිතේ තිබුණ පසුතැවිල්ල නැති කරලා දාන ගමන් වෙද්දී යීබෝ රහසින්ම සතුටු උණා....

මේ වෙනකොට විභාගේත් ඉවර උණ බනී නිවසටම වෙලා හිටියෙ office එන්න කියන වැන්ග්ගේ ඉල්ලීමත් අහක දමන ගමන්.මුල් කාලෙ ඉඩ ලබුණු හැම වේලාවකම බලෙන්ම office ගිහිං යීබෝ ළඟින් දැවටෙන බනී, හදිස්සියකටවත් office යන එක නැවත්තුවෙ විටින් විට කීප දවසක්ම අහම්බෙන් office එකෙදි අහන්න ලැබුණ කතා නිසා කියලා දවස ගානේ බනී එනකං මඟ බලන් හිටපු යීබෝ දැනගෙන හිටියෙ නෑ.

"ළඟදීම office එනවාලු.."

"ලොකු පට්ටමකුත් දෙන්නලු ලොකු සර් ගෙ කල්පනාව.."

"තාම හරියට උපාධියවත් ගත්තෙ නැති පොඩි එකෙක් යටතෙ මන් නම් වැඩ කරන් නෑ.."

"ඔව් ඒක අපෙ තත්වෙටත් හරි නෑ..."

"දැන් හිනාවෙලා හිටියට එයත් මෙතන ඇවිත් හස්බන්ඩ්ගෙ ලොකු කම් පෙන්නන්න ගනී..."

"කොහෙවත් යන අනාතයෙක්ව යීබෝ සර් මොකට මැරි කරාද දන් නෑ"

"අනික වැන්ග් සර්ගේ තරහා කාරයෙක් ළඟලු හැදුණෙ..."

"එහෙම කෙනෙක් මෙතන්ට ආවම නැති ප්‍රස්න ඇතිවෙයි.."
......

බනී ගැන එකඑක කට කතා office එක පුරා පැතිරෙන්න ගත්තෙ බනී office එකේ වැඩට එන බවට පැතිරුනු ආරංචියත් එක්ක වෙද්දී වැන්ග් බනී ට වැඩ ට එන්න කිව්වේ බනීගේ සුදුසුකම් ගැන වැන්ග් ඕනාවටත් වඩා පැහැදුණු නිසා කියලා කවුරුත් දැන ගෙන හිටියෙ නෑ.....

අනිත් එක මුල් දවසේම බනීගේ අහිංසක කමට පැහැදුණු වැන්ග් බනී තමන්ටවත් යීබොටවත් කම්පනියටවත් හානියක් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙ කියලා විස්වාස කරා.

තමන් office එකේ වැඩට යන එක යීබොටත් ප්‍රස්න ඇති කරාවි කියලා කල්පනා කරපු බනී වෙන තැනක ජොබ් එකක් හොයාගන්න තිරණේ කරත් වැන්ග් පපාගේ ඉල්ලීම හදිසියේ අහක දාන්න බැරි නිසාම ටික කාලයක් නිවසේම ගත කරන්න තිරණේ කරේ කැමැත්තකින් නම් නෙමෙ....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now