💚 Chapter 37 ❤️

828 148 40
                                    

ආයිමත් එයා මගෙ හීන බිදලා ,එයාව අවශ්‍යම මොහොතේ හැමදාම වගේ මාව මඟ ඇරලා ගිහිං තිබුණා....

විටින් විට කෙරෙන දැනුම් දීම් නොසලකා හරිමින් චෙන් වගේම බනීත් අවසන් මොහොත වෙනකම්ම යීබෝගේ පැමිණිම වෙනුවෙන් බලන් හිටියා.බනී අසරණ වෙලා ඉන්න හැටි දැක්කම අනිත් තුන් දෙනාම බනී තරම් ම අසරණ උණා.....

අන්තිම දැනුම් දිමට කලින් සිදු කෙරෙන දැනුම් දීම ඇහෙද්දී චෙන් හිටපු තැනින් නැගිටලා බනී ළඟට ගියා.

"බනී..."

"ඔයා කැමති නම් තව පාරක් හිතලා බලන්න පුළුවන්....මේක අන්තිම ෆ්ලයිට් එක නෙමෙනේ..."

"මට ගොඩක් මහන්සියි චෙන්....තව බලන් හිටියත් මන් හිතන්නෙ නෑ වෙනසක් වෙයි කියලා....මන් හිතන්නෙ මන් උත්සාහ කරපු ප්‍රමානෙ ඕනවාටත් වඩා වැඩියි...."

බනීගේ වචනයක් වචනයක් ගානේ හිත අන්තේටම රිදෙද්දී බනී වෙනුවෙන් වචනයක්වත් කියාගන්න එක්කෙනෙකුටවත් ශක්තියක් තිබුණෙ නෑ.බනී හිටපු තැනින් නැගිට්ටේ පපුව සැහැල්ලු වෙන්නත් එක්ක ලොකුම ලොකු සුසුමක් හෙළන ගමන්....

වැන්ග් පපාවත්ත් ෆෙමින්ග් පපාවත් වැළද ගත්තු බනී දෙන්නටම සමු දුන්නා.දෙන්නටම දැනුණේ තමන්ගෙ ඇගෙන් කෑල්ලක් ගැලවිලා යන තරම් වේදනාවක්.ෆෙමින්ග් හැමදාමත් බනී ට ආදරේ කරද්දි මේ ටික දවසට බනී වැන්ග් ගෙ හදවතේත් ලොකු ඉඩක් අත් කරගෙන තිබුණා.....

"පපා.....ඔයාලා දෙන්නම....හැමදේම අමතක කරලා සතුටින් ඉන්න.ඔයාලා අතර තියෙන ප්‍රස්න මොනා උණත් අතිිතේට බාර දෙන්න.මන් ගැන හිතලාවත්...."

වචන ගොළු වෙද්දී දෙන්නම මූණට මූණ බලාගෙන ඔළුව හෙල්ලුවා....

"මන් නාවත්,පුළුවන් වෙලාවක මාව බලලා යන්න එන්න...."

ආයිමත් හැරිලා අත වනපු බනී චෙන්ගේ අත අල්ලගත්තේ කකුල් දෙකත් පණ නෑ වගේ දැනෙද්දී.ආත්මය තාමත් මඟ නවතීද්දී බනී අමාරුවෙන් ඉදිරියට ගියා....

"බනී............"

බනීට ඒ සද්දෙ ඇහුණේ හීනෙන් වගේ....තමන්ගෙ හදවත පතුළේම තැනකින්......

බනී....

දන්නවද සමහර හිත් තියෙනවා කොන්දේසි විරහිතවම ආදරේ කරණ....ප්‍රතික්ෂේප කිරීම් දහසක් මැද්දේ උණත්....බලාපොරොත්තු කඩවීම් දහසක් මැද්දේ උණත්...  ඒ හිත් වල කොයිතරම් ආදරේ තිබුණත් දවසක් එනවා  ඒ හිත් වල ආදරේට අඟුළු වැටෙන....රත් වෙන වතුර එකක් වගේ.....ටික ටික රත් වෙලා උතුරන තත්වෙටත් ආවම තවමත් ප්‍රයොජනයක් නොගත්තොත් දිගටම රත් වෙන්න ඇරලා බලන් හිටියොත් බිංදුවටම හිදිලා යන....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now