💚 Chapter 19 ❤️

844 186 119
                                    

රතු වෙච්ච ඇස් දෙකෙන් සේවකයා දිහා ආදරෙන් බලපු බනී හිස සොලවන ගමන් පෙට්ටියත් අතට අරන් ගේට්ටුවෙන් එළියට ආවා....

යීබෝ වැඩ ඇරිලා ගෙදර එනකොටත් බනීගේ car එක ගරාජ් එකේ තිබුණා....යීබෝ ගෙදර එනකොට බනී ඇවිත් හිටියොත් car එකේ සද්දේ ඇහෙනකොටම පහල තට්ටුවට දුවන් ආවෙ ඉගිල්ලෙන කුරුල්ලෙක් වගේ සතුටින්.

"යීබෝ...."

"මගේ හබියෝ...."

අදත් ඒ වචන ඇහෙනකං මඟ බැලුවත් බනී පහලට ආවෙ නෑ.

'මොකෝ මේ කවදාවත් නැතිව....'

පහළ තට්ටුවේ බනී දකින්න නැති කොට යීබෝ උඩට ගියා.බනී මූණින් අතට ඇඳ⁣ උඩ වැටිලා හිටියා....

අමුත්තක් දැනුණ නිසාම යීබෝ බනී ළඟට ගිහිං ඇඳ උඩින් වාඩි උණේ බනීව උරහිසින් අල්ලලා හොලවන ගමන්....

"ම්ම්ම්...."

දවල් ගෙදර ගිහිං ආපු වෙළේ ඉඳන් බනී කරේ අඬපු එක....තමන්ටම, තමන්ගෙ කියලා කවුරුත් නැති එකට,තමන් පණ වගේ ආදරේ කරන අය තමන්ට ආදරේ නොකරන එකට ,තමන්ට ආදරේ කරන කීප දෙනා ලගින් ඉන්න බැරි එකට හැමදාම අනිත් අයට බරක් වෙන්න උණු එකට....ඔක්කොටමත් වඩා මමා පපා යනකොට තමන්වත් අරන් නොගිය එකට ෂාප කර කර ඇඬුවා.....
කවදාවත් නැති පාළුවක් බනී ගෙ හදවතේ පිරෙද්දි යූ මමාගේ වචන එකින් එක බනීගේ හිත පෑරුවා....

පැය ගාණක් අඬ අඬ හිටපු බනී ගෙ ඇස් යාන්තමින් පියවෙන්න ගද්දීම උරහිස හොලවනවා දැනිලා අමාරුවෙන් ඇස් ඇරියෙ අනිත් පැත්ත හැරෙන ගමන්....

'යීබෝ....මගේ යීබෝ....ඔයාවත් මට මොහොතකට හරි ආදරේ කරානම්....'

ඇස් අරිනකොටම යීබෝ ව දකිනකොටම හැමොම තමන්ව ප්‍රතික්ෂේප කරනවා නේද කියලා මතක්වෙද්දී ආයීමත් තමන්ගෙ පපුව හාරන තරම් වේදනාවක් බනීට දැනුණා....

අමාරුවෙන් ඇස් ඇරපු බනීව දැක්කම යීබෝ කලබල උණා....හැමවෙළේම හිනාවෙන ඒ ඇස් රතුවෙලා ඉදිමිලා තිබුණා....බනී ගෙ කදුළු පිරුණ මූණ දකින හැම මොහොතකම වගේ අමුතු හැඟීමක් යීබොට ඒ මොහොතෙත් දැනුණා.

"බනී..."

යීබෝ කතා කරේ බනී කොට්ටෙත් උඩට අරන් ඇඳ වියලට හාන්සි වෙද්දී....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now