💚 Chapter 16❤️

810 191 33
                                    

දින තුනකට පස්සෙ යීබෝ office යන්න ගත්තට පස්සෙ දැනුණ පාළුව  ඉවසන්න බනීට හුගාක් අමාරු උණා....

මුල් දවස් කීපයේ ම හිත රිදෙන්න ඉඩ තියෙන බව දැන දැනම බනී යිබෝ වෙනුවෙන් උදේ කෑම ලෑස්ති කරා.හිතුවා  වගේම මුල් දින කීපයේම යිබෝ කෑම මේසය මඟ ඇරලා ගියත් කාලය ගෙවෙද්දී බනී ව ඉවසන්න, බනී හදන දෙයක් කාලා යන්න යීබෝ  පුරුදු උණා....

බනි අතින් හැදුණු කෑම යීබොගෙ කුස පුරවද්දී උදේ තේ එක හදන එක වගේම හැමදාම තේ එක උදුර ගත්තම මූණ පුළුටු කරගන්න එක යීබෝගේ දවසෙ ප්‍රථම රාජකාරිය උණා....

බනී කරන හැමදෙයක්ම මුලින්ම  යීබෝගේ නොරිස්සුමට හේතුවක් උණත් ,යීබොගෙ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ රිදෙන හිත ඉවසන් ප්‍රචණ්ඩ උණ බනී තමන්ගෙ කටින් යීබෝව පාලනේ කරා....

හැමදාම යීබෝ අවදි වෙනකොටත්,office අදින්න අවස්‍ය සියලු ඇඳුම් බනී ලෑස්ති කරලා තිබුණා.හැම වෙලෙම වගේ මුල් දවස් ටිකේ බනී තොරපු ඇඳුම් එහෙමම තියෙද්දී යීබෝ වෙන ඇඳුමක් ඇදගෙන ගියේ බනීගේ හිත පාරවන ගමන්....

බනී ගේ උදේ කෑම මඟ ඇරියත්, බනී තොරපු ඇඳුම් නොඇඳ සිටියත් යීබොට එක දෙයක් මඟ අරින්න බැරි උණා....යීබෝ ලෑස්ති වෙලා car එක ළඟට එනකොට බනී නොවරදවා එතන යීබෝ වෙනුවෙන් බලන් හිටියා.

"අහකට වෙනවා...."

යීබෝ කෑගැහුවේ බනී තමන්ගෙ ඇඳුමේ අඩුපාඩු හදන්න ගත්තාමයි...

"තමුන් කට වහගන්නවා යීබෝ....
කටවහන් පාඩුවේ ඉන්නවා....
තමුන් පිළිවෙළක් නැතුව ගියාම මිනිස්සු මටයි බනින්නේ...."

"විකාර..."

"විකාර තමා මිනිහො....බලාගන්න කෙනෙක් ඉඳලත් තමුන් මොකෙක්දෝ වගේ හිටියම....ඒක විකාරයක් තමා...."

බනීගෙ කෑ ගැහිල්ල යීබෝව ගොළු කරද්දී යීබෝට හැමදාම වගේ තමන් දිහා පුදුමෙන් බලන් ඉන්න ඉඩ ඇරලා උඩ පැනලා යීබෝගේ නළලට හාදුවක් දෙන ගමන් බනී යීබොට සමු දුන්නා...

යීබෝ ගෙදරින් ගියාම,හැමදාම කාගෙ හරි ළඟින් දැවටී දැවටී හිටපු බනී ට යැන්ලි අක්කව චෙන්ව නිතරම මතක් උණා.හිත හදන් පාඩම් කරන්න හැදුවත් යීබෝගේ සුවද යීබෝගේ මතක බනීව නොසන්සුන් කරා.එක්තැන් කරගන්න බැරි උණ හිත යීබොත් එක්ක ඈත ලොකෙක තනි වෙද්දී බනී යීබෝගේ කොට්ටෙත් බදන් ඇඳට පැනලා ,කොට්ටෙ මූණ ඉස්සරහින් අල්ලගෙන තරවටු කරා....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now