💚 Chapter 39 ❤️ Special 💚❤️

823 152 42
                                    

"මන් හිතුවෙ ඔයාට මාව යට කරගන්න අවස්ථාවක් ඕනා කියලා යීබෝ...."

බනී කෑ ගැහුවේ යීබෝ තාමත් පුදුම වෙලා බලන් ඉද්දී පඩිපෙළත් මඟක් නැගලා හිනා වෙන ගමන්....
.
.
.
යන්තමින් සිහි එළව ගත්තු යීබො හෙමින් සීරුවේ පඩිපෙළ නැංඟේ බනී ගෙ කතාවට තනියම හිනා වෙන ගමන් වෙද්දී  කාමරේට යනකොටම බාත් රූම් එකේ වතුර වැටෙන සද්දෙ යීබොට ඇහුණා.බාත් රූම් එක ළඟ බිම රව්මට වැටිලා තිබුණු  බනී ගෙ ඇඳුම් අහුලලා ඇඳ උඩින් අරන් තියපු යීබෝ බනීට අමතක වෙලා තිබුණු ටවල් එකත් අරන් ඉක්මන් ගමනින් පඩිපෙළ බැස්සේ බනී එළියට එන්න කලින් පහල තට්ටුවේ බාත් රූම් එකෙන් නාගන්න හිතාගෙන.....

බනී නාන්න ගියාම දියවෙනකංම නාන බව දන්න යිබෝ නිදහසේ නාගෙන ආපහු කාමරේට යද්දීත් වතුර වැටෙන සද්දේ ඇහෙද්දී ඇදන් හිටපු ටවල් එක ගලවලා තව ටිකක් තදට ඇදගෙන
බාත් රූම් එකේ දොරට අත් දෙකත් තියන් බනී එළියට එනකං බලන් හිටියෙ කට කොනින් හිනාවෙන ගමන්....හා පැටියෙක් ගොදුර කරගන්න බලන් ඉන්න සිංහයෙක්.....☺️☺️

ටවල් එකත් අමතක කරලා ගිය බනී සීතලෙන් වෙව්ලද්දි වතුර බේරෙන හිසත් දෙපැත්තට වන වන නිරුවතින්ම එළියට ආවෙ කලබලෙන් වෙද්දී ආව වේගෙනම දොර ඉස්සරහා හරස් කරන් හිටපු යීබෝගේ ඇගේ හැප්පුනා....

"ආහ්...."

මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුණ නිසාම බනී කලබල උණා.
යීබෝගේ ඇස් තමන්ගෙ ඇග පුරා උඩ පහල යද්දී මීට කලින් කළුවරේ ඇරෙන්න මේ තරම් පැහැදිලිව යීබෝ ඉදිරියෙ නිරාාවරණය වෙලා නොතිබුණ නිසාම එකපාර දැනුණු ලජ්ජාවට කන් දෙකත් එක්ක රතුවෙනවා දැනුණ බනී අත් දෙකෙන්ම තමන්ගෙ වටින දේවල් ඉක්මනින් වහගත්තත් යීබෝගේ අමුතු හිනාව දැක්කම හිතට දහිරිය ගත්තා.

"මොකෝ ආ.....මන් පැනලා යයි කියලා බයේ මුරද..."

බනී ඇහුවේ හයියෙන් හිනාවෙන ගමන් වෙද්දී යීබෝ බනී ගෙ මූණට එබුණා.

"මට අවස්ථාවක් ඕනා....."

"හ්හ් හහ හා....මොනවටද....."

බනීගෙ නළලේ ඉඳන් පහළට ඇඟිල්ලෙන් ඉරක් ඇදන් ආපු යීබෝ ඒ රෝස තොල් ලඟ නතරවෙද්දී පුංචි තිත දිහා මොහොතක් බලන් ඉන්න ගමන් නෙත් දෙක ඉහලට එසෙව්වා.....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now