💚 Chapter 25 ❤️

837 161 84
                                    

මේ තරම් කල් ඇස් දෙකෙන් ගළපු කදුළු නැවතිලා තිබුණා....කප්පරක් දුක පියකරන්න තිබුණු එකම මගත් ඇහිරිලා තිබුණා....

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ.....

මාරයත් එක්ක සෙල්ලම් කරන ගමන් ආපු යීබෝගේ car එක town එක මැද්දේ අතුරුපාරක නැවතුණා....පාරට මුහුණලා car එක නවත්වපු යීබෝ පාරෙ අනිත් පැත්තෙන් පෙනෙන තැනක් දිහා ඇසිපිය නොහෙළාම බලන් හිටියා....
.
.
.
කඩින් කඩ ඇද වැටුණු වැස්ස මැද්දෙම යීබෝ town එකට ආවෙ කුවාන් එක්ක ලයිබ්‍රි එකට යන්න හිතන්. යීබෝ පපා එක්කම car එකෙන් ඇවිත් මගින් බැස්සේ පපාට වෙන ගමනක් යන්න තිබුණු නිසා වෙද්දී උකුසු ඇස් දෙකක් තමන් දිහා බලන් ඉන්න බවක් යීබෝ දැනන් හිටියෙ නෑ.සුකෝපභෝගි රථයකින් බැහැලා තනියම ඉදිරියට යන තරුණයා ඒ අයට හොඳ ගොදුරක් උණා....

එක රස්තියාදු කොල්ලෙක් ඇවිත් යීබෝගේ ඇගේ හැප්පෙද්දී අනිත් කෙනා පැනපු ගමන් යීබො අතේ තිබුණු phone එක උදුරාගත්තා...හදිසියේ උණ දේත් එක්ක සිහි එළව ගත්තු යීබෝ දැක්කේ phone එකත් උදුරන් ඉදිරියට දුවන පිරිමි ළමයි දෙන්නාවයි.

"රස්තියාදුකාර කොල්ලො...."

ආපු කේන්තියත් එක්ක යීබෝ ඔවුන් පස්සෙන් පන්නගෙන ගියා.

තමන් ටික ටික ඉදිරියට ඇදෙද් දී තමන් ඉදිරියට එන පිරිමි ළමයෙක්ව යිබෝ දුර තියාම දැක්කා.දුර තියාම යීබෝගේ හිතට ඒ රූපේ ගැන විශේසත්වයක් දැනෙද්දී, තමන් දිහාට දුවන් එන පිරිමි ළමයිට ඉඩ දෙනනගමන්  ඒ රුව පැත්තකට වෙන හැටි යීබෝ දැක්කා....අවදානේ යන්තම් එහෙ මෙහෙ වෙද්දී තමන්ගෙ වේගේ බාල වෙනවා යීබොට දැනුණෙත් නෑ.ඒත් එක්කම දෙවනියට ගිය පිරිමි ළමයා පසු පස හැරෙනවාත්,ඔහුගෙ ඇගේ වැදුණ ඒ පැහැදිලි රුව පැත්තකට විසි වෙනවාත්, ඒත් එක්කම ආපු බීරුම් හඩක් එක්ක  කෑ ගහගෙන බිම වාඩි වෙනවාත් දැකපු යීබෝ ගෙ වේගේ නොදැනුවත්වම  තව ටිකක් බාල උණා වෙද්දී තමන්ට පහුවෙන පිරිමි ළමයා දිහා ඇස් කොනෙන් බැලුවා.....

'මොකක්ද එයා මේ කරන්නේ....ඇයි මේ බල්ලා ඉස්සරහා ඉදගෙන අඬන්න ගත්තෙ....'

බිම වැටුණු ළමයගෙ කකුලෙ තිබුණ රතු පැහැයක් දැක්කා නොදැක්කා වගේ වෙනකොට,කවදාවත් තව කෙනෙකුගේ දුකක් ඉදිරියේ සංවේදී නොවෙන යීබෝ හිටි හැටියේම නතර උණා....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now