💚 Chapter 12 ❤️

932 199 83
                                    

බනීගේ ඇස් වලින් වැටුණු කදුළු කැට අලුත් නිවසේ සීතල ටයිල් පොළව  ආදරෙන් සිපගත්තේ මින් ඉදිරියට අපි හොදම යාලුවො වෙයි කියන්න වගේ....

බනීගෙ අන්ත අසරණ පෙනුම දැක්කම වැන්ග්ට දුකක් දැනුණත්,බනී ගෙ කතාවත් එක්කම කට කොනින් හිනාවෙන ගමන් සතුටු උණේ,ඉටු නොවුණා කියලා හිතන් හිටපු අනිත් බලාපොරොත්තුවත් නොදැනම ඉටුවෙලා කියලා දැන ගත්තාමයි.ෆෙමින්ග් තමන් හදාගත් දරුවට තමන්ගෙ දරුවන්ටත් වඩා ආදරේ බව කටකතා වලින් වැන්ග් දැනං හිටියා.ඉතිං ෆෙමිංග්ට රිදවන්න මේ හොඳම විදිහ උණා.

බනී ගෙ කතාවත් එක්ක මොහොතකට නිරුත්තර උණු යීබෝ සිහිඑළවාගත්තු ගමන් පැවසුවේ,

"පපා...පපා මන් එයාව ඩිවෝස් කරන්නම්..."

"යීබො...."
වැන්ග් වගේම කුවාන් යීබෝගේ නම කියලා කෑ ගැහුවේත් මේ තරං වෙලා බිම බලන් කදුළු සලපු බනී ගැස්සිලා යීබො දිහා බැලුවේත් එකටම....

"තමුසෙ ළඟ මනුස්ස කමක් ගෑවිලා වත් නැද්ද් යිබෝ.............

තමුන් මේ ළමයාව එක්ක ආවෙ ඒ ළමයගෙ කැමැත්තෙන්ද..."

යීබෝ හිස සැලුවේ නෑ කියන්න වෙද්දී

වැන්ග්  ඇස් දෙකෙන් ගිනි පිටවෙද්දී යීබෝ දිහා බැලුවේ,යීබෝ මේ තරම් අනිත් අයගෙ හැඟීම් ගැන නොහිතන ආත්මාර්ථකාමියෙක් උණේ,යීබොට කැමති විදිහට හැමදාම තනියම ඉන්න දීපු තමන්ගෙ වරදින් කියලා හිතන ගමන්.

"පලිගන්න උණත් ඕනා තමන්ට වරද්දක් කරපු මනුස්සයෙක්ගෙන් යිබෝ...

මේ ළමයා තමුන්ට කරපු වැරැද්ද මොකක්ද....

ඒ ළමයා නෙමෙ තමුණුයි හැම දේම වරැද්දා ගත්තෙ....

" ඒ ළමයා අද තමුන් එක්ක නාවා නම් අද මේ කිසි දෙයක් හරියට නොවෙන්න තිබුණා කියන එක තේරුම් ගන්නවා...
"
"අනිත් එක රටටම අඩ බෙර ගහලා ඩිවෝස් වෙලා ලජ්ජා වෙන්න නම් මගුල් ගන්න ඕනද අයිසේ....මුලින්ම අර කෙල්ල ගියපු එක කියලා ලජ්ජා වෙන්න තිබුණා නේද....

" මට දැන් කෝකත් එකයි..තමුන් කෙල්ලෙක් නෙමෙ කවුරු බැදගත්තත්... වෙච්ච වැරැද්ද හදා ගන්නවා....මේ ළමයාව බලාගන්නවා...දැන් වත් මනුස්සයෙක් වෙන්න බලනවා...."

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now