💚 Chapter 9 ❤️

880 194 74
                                    

මෙතනින් පස්සෙ යීබොට මූණ දෙන්න වෙන ප්‍රස්න ගැන කල්පනා කරපු බනී, හදවතින්ම යීබො ගැන දුක් උණා....

මේ අතරෙ යීබෝ ගෙත් චින්ගේත් විවාහයට සියලු කටයුතු  සූදානම් වෙලා තිබුනෙ විශාල මාධ්‍ය ආවරණයකුත් සමගයි.වැන්ග් සමූහ ව්‍යාපාරයේ අනාගත හිමිකරු වැන්ග් යීබෝ ගෙ විවාහය රටක්ම කතාවෙන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා.වැන්ග් ව්‍යාපාරයේ අනාගත හිමිකරු ලෙස හෝ වැන්ග් ගෙ පුතා විදිහටවත් මීට පෙර කිසිම අවස්ථාවක යීබෝ ප්‍රසිද්ධියෙ
පෙනි නොසිටියේ තමන්ගෙ නිදහස අගය කරපු නිසා වෙද්දී,වැන්ග් පපාගේ අවසරයත් ඒ වෙනුවෙන් ලැබී තිබුණා....

නමගිය ව්‍යාපාරික පවුලක සිදුවන විවාහයක් උණත්, ව්‍යාපාරික කටයුතු වලට ඍජු බලපෑමක් ඇති කරන නිසා ම,පෙර නොවූ විරූ තරම් ඉහලින් හැමදේම සූදානම් වෙද්දී,යිභෝගේ අනාගත මනමාලි කවුරුන්ද කියන එකත්, මේ වෙනකං රහසින් තියාගන්න වැන්ග් තීරණය කරලා තිබුණේ, ඒ හේතුවටම මේ විවාහයට ජනතාව අතර තියෙන උනන්දුව,උද්‍යෝගය තව තවත් ඉහල නංවන්න පුලුවන් කියන එක දැනන් හිටපු නිසාමයි.තවත් පැත්තකින් බැලුවොත් වෙන් මාධ්‍ය ජාල හිමිකරුගේ  රූමත් එකම දියණිය කියන්නෙත් මිනිස්සුන්ගේ හිත් යොමු උණ මාතෘකාවක් වෙද්දී මේ පවුල් දෙකේ එකතුව ව්‍යාපාරික ලෝකය තුල විශාල පෙරළියක් කරනවා කියන එක අනිවාර්යෙන් සිදුවෙන දෙයක් උණා....

නමුත් සාමකාමිව සිදු උණ හැම දේම විනාසවෙලා ගියේ සුළු මොහොතකින් වෙද්දී,වැන්ග් සමූහයේ ආරක්ෂක අංශය කඩි ගුලක් වගේ අවිස්සිලා තිබුණේ චින්ව හොයාගන්න මෙහෙයුම වෙනුවෙනුයි.වැන්ග් පපාගේ කේන්තිය සිදුවීම දැන ගත්තු මොහොතේ ඉඳන් යිබෝ මතින්ම පිටවුණා.පැය ගාණක් සිදු උණ මෙහෙයුමකින් පස්සෙ චින් රටින් පිටවෙන්න සූදානම්ව ගුවන් තොටුපලේ ඉන්න බව දැන ගන්න ලැබුණේ විවාහයට හෝරා කිහිපයක් පමණක් තිබියදියි....

ආරක්ෂකයනුත් එක්ක චින්ව ආපහු එක්ක එන්න යීබෝ පිට උණේ තවත් වැරැද්දක් වෙයි කියන බයටමයි.

ගුවන් තොටුපලට ගිය යීබො ආරක්ෂකයින් සමග හැම තැනම හෙව්වත් චින් වෙනුවට යීබොට දකින්න ලැබුණේ තනිවම ඉදගෙන හිටපු බනී වයි.ආරක්ෂකයන් පිරිවරාගත් යීබො තමන්ව වට කරගද්දී බනී රහසින්ම සැනසුම් සුසුමක් හෙළුවේ චින් චෙන් ගමන්ගත් යානය පිටවෙලා දැනටමත්  පැය බාගෙකටත් වැඩි නිසා වෙද්දී ලොකු මෙහෙයුමකට පස්සෙ බනීගේ හිතට දැනුණ හැඟීම බනී තවමත් මෙතන රැදෙන්න හේතුව උණා....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now