💚 Chapter 35 ❤️

782 157 54
                                    

ඊට පස්සෙ ඒ සති දෙක පුරා කීප සැරයක්ම මන් බනී එක්ක beach එකට ආවා.එයාටත් වඩා එයා ළඟින් තියන් ඒ සතුට විදින්න මන් ඇබ්බැහි වෙලා තිබුණා.....

එයාටත් වඩා එයා ළඟින් තියන් ඒ සතුට විදින්න මන් ඇබ්බැහි වෙලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සති දෙක ගෙවිලා ගියේ ඕනවාටත් වඩා වේගෙන්.දවසින් දවස එළිය වැටිලා එන බනීගේ මූණ දැක්කම යීබෝ රහසින්ම සැනසුම් සුසුම් හෙළුවා.බනීගෙ මානසික තත්වේ හොදටම හොද නොවුණත් අවදානමෙන් මිදිලා තිබුණා.යීබෝට කොයිතරම් උවමනා උණත් බනී ව ළඟින් තියාගන්න ,ඒ වෙනුවෙන් තිබුණු අයිතිය තමන්ම නැති කරගත්තු හැටි මතක් වෙද්දී බනීව බලෙන් තියාගන්න අදහස යීබෝ අමතක කරලා දැම්මා.

ඕනෑවට වඩා බලපෑම් කරොත් බනීට ආයි නරකක් වෙයි කියන බය නිසා සති දෙක අවසන් වෙනකොට බනී ගෙ ගමනට අවශ්‍ය හැමදේම චෙන් තනියම ලෑස්ති කරා.යීබොත් බනීත් පුළුවන් හැම වෙළේම එකට තියන්න චෙන් මහන්සි ගත්තා.

මේ අතර හදිසියේ දවසක වෙන් අරන් ආපු ආරංචිය වැන්ග් පවුලත් ජියෑං පවුලත් අතර තිබුණු අඳුරු වළාකුළු තරමක් එහෙ මෙහෙ කරන්න සමත් උණා.කාලයක් තිස්සේ විදින්න උණු හැම කරදරයක්ම එකපාර අමතක කරන්න පුළුවන් විදිහෙ හේතුවක් නොවුණත් බනී යීබෝ වෙනුවෙන් හැමෝම සතුටු කරන්න ඒ ආරංචියට පුළුවන් උණා.චෙන්ගෙන් ආරංචිය ලැබුණ ගමන් යීබෝ පපාව හොයන් ගියා.

"පපා .....ඇයි කිව්වේ නැත්තේ මේ පාර ඒ ඔයා නෙමෙයි කියලා...."

"මන්...කිව්වා නම් ඔයාලා විශ්වාස කරනවාද යීබෝ..."

දෙන්න පිළිතුරක් නැති තැන යීබෝ බිම බලාගත්තා.

"හ්ම්ම්ම්ම්....මන් දැනන් හිටියා....හැම දෙකටම පස්සෙ ඒ මන් නෙමෙ කියලා මන් කිව්වත් කවුරුත් මාව විස්වාස නොකරන බව...."

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now