යීබෝගේ ඇස් වලින් වැටුණු කදුළු කැට බනීගේ දෙපා මුල දියවෙලා ගියා....
office යන්න ප්‍රමාද වෙලා තිබුණත් යීබෝ ගිහින් බනී ටත් එක්ක උදෙ කෑම හැදුවා.බනීව දාලා යන්න හිතක් නොතිබුණත් යොදාගත්තු විශේස වැඩ තිබුණු නිසා හදිසියේ මඟ අරින්න බැරි උණා.අනිත් අතට හදිසියේ සිද්ධ උණු හැමදේම නිසා තනියම ටිකක් කල්පනා කරන්නත් යීබොට උවමනා උණා.
ප්ලාස්ක් එකකට කිරි එකකුත් හදාගත්තු යීබෝ පඩිපෙළ නැන්ඟා.යීබෝ ලෑස්ති වෙලා ඉවරවෙනකණුත් බනී තද නින්දේ හිටියා.ඇහැරවන්න හිතුණත් බනී ගෙ ඔලුව අතගාන ගමන් ටිකක් කල්පනා කරා.කොලෙකුයි පෑනකුයි අරන් ලියන්න ගත්තා....
"බනී මගේ මැණික පරිස්සමින් ඉන්න.යොදා ගත්තු විශේස meeting එකක් තියෙන නිසා මට යන්න වෙනවා.ඉවර වෙනකං phone answer කරන්න බැරි වෙයි.ඉවර උණු ගමන් ඔයා ළඟට එන්නම්.කෑම හදලා තියෙන්නේ.පහලට ගිහිං රත් කරගෙන උණුවෙන් කන්න.ප්ලාස්ක් එකෙ කිරි එක බීලා ඉන්න.
අද නම් හිතකින් නෙමෙ දාලා යන්නෙ.බය වෙන්න එපා ඔයාගෙ යීබෝ ආයි වෙනස් වෙන්නේ නෑ.....මාව විස්වාස කරන්න...."බනීගේ හිස සිපගත්තු යීබෝ ප්ලාස්ක් එක යටින් බනීට පෙන්න note එකත් තියලා නිවසින් පිටවුණා....
රෑ තිස්සක් මහන්සිවෙලා තෙහෙට්ටුවත් එක්ක පාන්දර නින්ද ගිය බනී ඇහැරෙනකොට දවල් වෙලා තිබුණා.හීනෙන් වගේ හැමදේම මතක් වෙද්දී මූනෙ ඇදුණු හිනාවත් එක්ක ඇස් කරකව කරකව යීබෝ හොයන ගමන් නැගිටින්න හැදුවා.
"ආ......"
"අනේ යීබෝ.....බෝ අනේ එන්නකෝ.....යීබෝ........"
යීබෝ නිවසේ ඇති කියලා හිතපු බනී කෑගැහුවේ නැගිටින්න හදනකොටම යටි බඩෙන් වගේම කොන්දෙන් දැනුණ ඉවසගන්න බැරි වේදනාව නිසා....යීබෝගේ නම කියන ගමන් බනී කීපසරයක්ම කතා කරා.බලපොරොත්තු බිදිලා යද්දී හිත ටිකක් රිදුණත් ආයි කල්පනා කරා.අමාරුවෙන් phone එක අරන් වෙලාව බැලුවා.ගොඩක් දවල් වෙලා තිබුණා.
"ෂිට්.... මන් ඕනවටත් වඩා වෙලා නිදාගෙන.මඟ අරින්න බැරි වැඩක් තියෙන්න ඇති...."
දැනුණ තෙහෙට්ටුවත් එක්ක බනී ආයිමත් හාන්සි උණා.යන්තම් ඇස් උස්සලා බලද්දී ඇග පුරා තිබුණු ලේ පිරුණු පැල්ලම් දකිද්දී ඒ පහස මතක් වෙලා බනී හිරි වැටිලා ගියා.ඇගට කොයි තරම් අමාරු උණත් කලින් දවසෙ හැමදේම මතක් වෙද්දී බනීගේ හිතට ලොකු සැනසීමක් දැනුණා.....
YOU ARE READING
💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhan
Fanfictionසිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ...