💚 Chapter 31 ❤️

811 162 30
                                    

...මගෙ හිත මට කියන්නෙම එයා මේ දේවල් මුලින්ම ඔයාට කියලා තිබුණා නම් මේ කිසි දෙයක් මෙහෙම නොවෙන්න තිබුණා කියලාමයි....

කොහේ දෝ දුර ඈතක ඒ ඇස් නතර වෙලා තිබුණා.....
.
.
.

දැනෙනා තුරු මා.....

යීබෝ හිටියෙ දරාගන්න බැරි තරම් නොඉවසිල්ලකින්....දුක සතුට පුදුමය එකට මිරිකුණු ඒ හැඟීම යීබෝගේ හුස්ම පවා හිර කරලා තිබුණා.යීබෝගේ අත් අතර සිරවුණු බනීගේ අත් කිටි කිටියේ තද උණේ යීබොට නොදැනීමයි....විටෙක ඒ අත් බනී ගෙ කෙස් අතර වේගයෙන් ගමන් කරා.සුදු මැලි වෙලා ඉරිතලලා තිබුණු ඒ දෙතොල් සිනිදුවට අත ගෑවා. අහම්බෙන් වගේ ඒ පුංචි කළු තිත ළඟ ඇස් නතර වෙද්දී යීබෝගේ නොඉවසිල්ල තවත් වැඩි උණා.ඉන්න තැනින් නැගිටලා රෝහල් කාමරය පුරා එහෙ මෙහෙ ඇවිද්දා.හිටපු ගමන් බනී ගෙ ඇග උඩට පහත් වෙලා ඒ හදවතට කන් තියන් හිටියා.ඒ කන් පෙති වලට ළංවෙලා ජීවිත කාලයක් රැකගන්න පොරොන්දු දුන්නා.ඒ සීතල උණු අත අරන් තොල් දෙකට තියන් තද කරගත්තා.විටින් විට පෙරවනේ යාන්තං උස්සලා ඊට යටින් තිබුණු තැනක් ,හොදටම දන්න කෙනෙක් වගේ එක ස්පර්ෂයකින් හොයාගෙන ඒ මත ඇගිලි තුඩු යවන ගමන් මහා බර සුසුමක් හෙළුවා....

ඉන්නද නුඹ ගාවින්....

මේ අතර දොර ළඟට වෙලා තාමත් කල් මරපු දෙන්නෙක් හොරෙන්ම යීබෝගේ මේ හැසිරීම දිහා බලන් හිටියා....එක්කෙනෙක් පුදුමෙන් හුස්ම අල්ලන් ඉද්දී තවත් කෙනෙක් තමන් ගත්තු තීරණේ නිවැරදි එකක් උණ එක ගැන සැනසුම් සුසුම් හෙළුවා.....

අමාරුවෙන් ගෙවුණු හොරා කිහිපයකට පස්සෙ doctor ත් එක්ක කතා කරපු වැන්ග් වගේම චෙන් ,බනී ගෙ තත්වය යහපත් බව දැනගෙන, මහ රෑ මැදම එතනින් පිටවුණේ ආයීමත් සැරයක් විස්වාසය යන්තමින් හෝ ගොඩ නගාගන්න යීබෝගේ හැසිරීම සමත් උණාට පස්සෙයි.චෙන් දිහාවට පෙනෙන නොපෙනෙන ගාණට මදහසක් හෙළපු වැන්ග් එතනින් පිටවෙද්දී , චෙන් මේ තරම් වෙලා අතුරුදන් උණ එක ගැන පපාට කියන්න නිදහසට හේතු හොයන ගමන් වැන්ග්ව අනුගමනය කරා.අසනීපෙන් ඉන්න පපාට වගේම යැන්ලි අක්කට බනී ගැන කියන එක ලොකුම ගැටලුව උනා....
.
.
.
යීබොට දැනුණේ කාලය හරිම හෙමින් ගතවෙන බවක් වෙද්දී චෙන්ගේ වචන ආයි ආයි ඒ සවන් තුළින් ඇහෙන්න උණා.....
.
.
.

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now