08

46 14 12
                                    

පහුවෙනිදා උදේ පාන්දර මං ඇහැරෙද්දි උදේ 10 විතර වෙලා තිබ්බා.මං ඇහැරිලා එහෙමම වොශ් දාගෙන සේරි ඔම්මා දුන්න අලුත් ඇදුමකුත් ඇදගෙන පල්ලහට යනකොටත් කිචන් එකේ හිටියේ සේරි ඔම්මා විතරයි.මං හිමීට පහලට ගිහින් සේරි ඔම්මා ගාවට යනකොට ඊට කලින් මාව දැකපු සේරි ඔම්මා මාව අතින් එක්කගෙන ඇවිත් කෑම මේසෙන් ඉන්දුවේ හරියට එයාගෙම දුවෙක්ට සලකනවා වගේ.

ගුඩ් මෝනින්ග් දුව..

ගුඩ් මෝනින්ග් ඔම්මා...ජිමින් ජීයුන් කෝ?

එයාලා ස්කූල් ගියා දුව..උදේම මහත්තයා එක්ක ගියා.ජිමින් නම් ස්කූල් යන්න කම්මැලි නෑ.හැබැයි ජීයුන් තමයි වෙලාවට ඇහැරවගන්න බැරි.උදේ පාන්දර තියෙන කාලගෝට්ටියට දුව ඇහැරුනේ නැති එක පුදුමයි.

මට ගොඩක් නින්ද ගියා ඔම්මා..

පේනවා පේනවා....

ඔම්ම එහෙම කිව්වම මං හිනා වෙවී අහගෙන හිටියේ හරිම ආසාවෙන්.

ජිමින් නම් යන්න කලින් නූනාට බලන්න ඕන ඕන ගගා ඉදලා මං බල කරලම යැව්වා.ආහ් මිනී කිව්ව දුවට ලයිබ්‍රි එකට යන්න ඕනෙ කිව්ව කියලා..

අහ් ඔව් ඔම්මා

මොකටද දුව?

ආහ් මේ නිකන් මං පාලු හිතුන වෙලාවට ලයිබ්‍රි ගිහින් පොත් කියවනවා ඉතින්..

දුවට දැන් පාලු තිතෙන්න දෙයක් නෑ අපි ඉන්නවනේ.

කුමාවෝ ඔම්මා.

ඔය කුමාවෝ කියන එක නතර කරගන්න අනේ.ඔයත් හරියට ජිමින් වගේමයි.

Unexpected wishWhere stories live. Discover now