51

29 8 8
                                    

Jimin pov:

After a week

මේ දවස් වල නම් මන් මාර විදිහට බිසී වෙලා හිටියෙ...මොකද මාර්තු අන්තිම මගේ ඇල්බම් එක release වෙනව වගේම ඊට ඉස්සෙල්ලා ඇල්බම් එකේ සෝන්ග් එකක mv එකක් release වෙන්න තියෙනවා...ඉතින් ඒක ෂූට් කරන්න ඕනි නිසා ප්‍රැක්ටිස් කරන වෙලාවල් වැඩියෙන් දැම්මා...මොකද මේකෙ ඩාන්ස් ස්ටෙප්ස් වලට බෑන්ඩ් එකත් එක්ක කරපු ඩාන්ස් වලට වඩා ටිකක් මහන්සි වෙන්න ඕනි.ඒ නිසාම මහන්සි ගතියත් වැඩියි.අද දවසට ප්‍රැක්ටිස් ඉවර වෙලා යන ගමන් ටේ කතා කරා ඩිනර් එකට එහේ එන්න කියල.ඉතින් මේ දැන් මගෙ අපාර්ට්මන්ට් එකට ගිහින් වොශ් එකක් දාගෙන යන ගමන්...එහේ ගිහිල්ලා වොශ් එකක් දාන්න තිබ්බා ඒත් ඒ මනුස්සය අදින ඇදුම් හෙන දිගයි මට.බලන්න හදිස්සියකට මනුස්සයෙක්ට ඇදුමක් දෙන්න බෑනෙ උන්ට ඔය රිටවල් වගේ උස යන නිසා..ඒකට අපි,ගානට ඉන්නවනෙ...කොහෙද උන් දන්නෙ මන් 'උන්ට වඩා සාපේක්ශ උසින් අඩු' නිසා tease කරන්න විතරයි...ඕක වැඩියෙන්ම කරන්නෙ අර නසරාණි හාවා තමා...ඌ අලි පැටියා වගේ මහත් වෙනවා ඉවරයක් නෑ...

ඕවා ගැන කතා කරන්න ගියොත් පොතක් වුනත් ලියන්න පුලුවන් ඒක ගැන...

හරි යන් ආයෙ කතාවට...කෝම හරි ඔක්කොම ඉවර කරගෙන මන් ටේ ගෙ අපාර්ට්මන්ට් එකේ දොර ගාව හිටගෙන ඉන්න ගමන්...ඒ අතරෙ මගෙ ෆෝන් එකට නෝටිෆිකේශන් එකක් ආවා.බලද්දි මෙසේජ් එකක් ඇවිත්,

noona♡
call me @free time

මගෙ මූනට හිනාවක් ආවෙ නොදැනීමයි...මේ සතිය පුරාවටම මන් තමා ගොඩක් වෙලාවට නූනට මෙසේජ් එකක් දාන්නෙ...හරිම අඩුයි නූනා මට මෙසේජ් එකක් දාන...ඒක පොඩි දුකක් වුනාට නූනව දකිද්දි නූනගෙ ඇස් වල තියෙන හැඟීම මන් නොදකිනව නෙවෙයි...ඒ නිසා නූනාට මන් ගැන තියෙන හැඟීම තේරෙන නිසා ලොකු අවුලක් නෑ...ඒත් ඉතින් චූටි අවුලක් තියෙන්නෙ ඇයි නූනා මට එයාගෙ හැඟීම් ගැන කියන්නෙ නැත්තෙ ඇයි කියල...
ඒකෙන් එක හොද දෙයක් වුනා...මුල් කාලෙට වඩා නූනා මාත් එක්ක ගොඩක් ෆිට් වෙච්ච එක...

කොහොම හරි ටේ දොර අරිනකම් මන් ඒ මැසේජ් එක දිහා බලාගෙන මනෝ පාරක් ගහන ගමන් හිටියෙ.

Unexpected wishHikayelerin yaşadığı yer. Şimdi keşfedin