21

34 10 23
                                    

ඔම්මා නූනයි මමයි කිචන් එකට යනවා..

මොකටද ?

කේක් හදන්න...

කේක්...???

ඔව්....

මෙන්න මෙයාට කේක් එකක් හදන්න ඕනෙලු සේරි ඔම්මා....

කරන දෙයක් අප්පගෙන් අහලා කරන්න..එයාගෙනෙ ඔය කිචන් එක.ගෙදර එකනම් ඉතින් මගේ.

අරස්සෝ ඔම්මා නූනා යන්...

ඔම්මයි මමයි ජිමිනුයි ජීයුන් නුයි අපි හතර දෙනාම අප්පා ගේන එක එක ජාතියේ ස්වීට්ස් ජාති ඩ්‍රින්ක්ස් ජාති වල රස බල බල ඉදලා ටිකකින් ජිමින් මගේ අතිනුත් ඇදගෙන රෙස්ටුරන්ට් එකේ කිචන් එක පැත්තට මාවත් ඇදගෙන ගියේ ඔම්මට කේක් හදන්න යනවා කියලා.අපි යනකොටත් අප්පා කිචන් එක අස් කරන ගමන් හිටියේ.

අප්පා..

මොකද කොල්ලෝ...

අප්පා නූනයි මායි කේක් එකක් හදන්නම් කෝ....

මොකක් කේක්....මේ දැන්?..

ඔව් අප්පා....

ජිමින් එහෙම කියනකොට අප්පා මම දිහාත් බැලුවේ මට කේක් හදන්න පුලුවන් ද කියලා අහන්න  වගේ.මම මෝඩ හිනාවක් දාගෙන අප්පා එක්ක හිනා උනාම අප්පා අපි දෙන්න දිහාම මාරුවෙන් මාරුවට බලන්න ගත්තා.ඇත්තටම මටත් ඕනෙ උනේ ජිමින් එක්ක තනියම ඉන්න වෙලාවක්.

පිස්සුද කොල්ලො මං මේ දැන් අස් කරා විතරයි...

අපි ආයෙ අස් කරන්නම් අප්පා...

ඒත් දුව..

අනේ අප්පා ප්ලීස්...

හ්ම්...හරි එහෙනම්...හැබැයි ආයෙ අස් කරන්න ඕන...මං දන්නේ නැද්ද ඔයාලගේ කේක් හැදිල්ල...

Unexpected wishWhere stories live. Discover now