12

34 11 16
                                    

නූනා...මේ මන්...

මම හිමීට දොර ගාවට ලං වුනාම මට ඇහුනා ජිමින් එහෙම කොදුරනවා.මට එකපාරටම හිනා ගියේ ජිමින් රහසින් කොදුරපු නිසා.මං ඒ එක්කම දොර ඇරියම ජිමින් ඉක්මනට ඇතුලට ආවේ කොට්ටෙකුත් අරගෙනමයි.කොට්ටයක් අරගෙන ආපු එක මට එච්චර ඇල්ලුවේ නැති උනත් එයා එකපාරම ඇවිත් ඇද උඩින් වාඩි උනාම මෙච්චර වෙලා කටත් ඇරගෙන ඒ දිහා බලන් හිටපු මං ඉක්මනට දොරත් වහලා ආයෙ ඇද උඩින් ඇවිත් වාඩි උනා.

චිම් මොක්ද මේ කොට්ටෙකුත් උස්සන්..

නූනා මට නින්ද යන්නෙ නෑ..

ඇයි ..

මේ...නිකන්...

නිකන් නින්ද යන්නෙ නැත්තෙ මොක්ද චිම්...

මට නූනා ගාව නිදියන්න ඕන.

මොකක් චිම්..පිස්සුද?..ඔම්මා දැක්කොත් අනික ජීයුන් තනියම එයාට ඇහැරුනොත්..

අපෝ එයාට ඇහරෙන්නෙ නම් නෑ නිදාගන්න ගියාම..ඔම්මා දකින්නෙත් නෑ එයාලා පහලනේ...

උනාට චිම් පිස්සුද අනේ..

අනේ නූනා අදට විතරක්..ප්ලීස්...ප්ලීස්....

ඔම්මා ආවොත් චිම්...

ඔම්ම එන්නේ ආයෙම අපිට ස්කූල් යන්න ඇහැරවන්න නේ..ඉතින් නූනාට පුලුවන්ද මට ඊට කලින් ඇහැරවන්න..අනේ නූනා..

ඒත් චිම්...

අරස්සො නූනා මියානේ..මං නූනට නිදා ගන්න දෙන්නෙත් නෑ නේද..මං යන්නම් එහෙනම්...

Unexpected wishWhere stories live. Discover now