20

33 10 15
                                    

ජිමින් සෝදගෙන ඉවර වෙලා මම ජීයුනාවත් සෝදවලා එයාට අලුත් ඇදුම් දෙකක් අන්දලා මමත් ගියේ වොශ් දාගෙන එන්න කියලා.එතකන් ජිමින් ජීයුන් එක්ක ඉන්නම් කියලා කිව්වම මම ගියේ වොශ් දාන්න.ඒ ගමන් මට මතක් උනේ දැන් ටිකකට කලින් උන දේ.ජීයුනාව වොශ් දානකන් එයා හිටියේ මගේ බෙල්ලත් බදාගෙන ඉවර වෙනකන්ම එහෙමම හිටිය නිසා මමත් වතුර වලින් නෑවිලා තිබ්බා.එයාව සෝදවලා ඇදුමක් අන්දනකන්ම ජීයුනා හිටියේ මාව කෝලා බෙයා වගේ බෙල්ලෙන් බදාගෙන ඒකට ජිමින් නම් හිටියේ හැටට හැටේ රවාගෙන උනත් මම ජීයුනාව ඇදුම් අන්දනකොටත් ජිමින් ලස්සන ඇදුමක් ඇදගෙන එයාගේ සෙන්ට් බෝතලෙන් එයාව නාවන ගමන් හිටියේ.ඒ සුවදට මට කලන්තේ ආපු නැති එක පුදුමයි. එච්චරට සුවදයි.

සෙන්ට් එක ගහන ගමන් ජිමින් හොරාට කන්නාඩියෙන් මන් දිහා බලනවා දැක්ක පාර මම ඇහැක් ගහලා හිනා උනේ එයාට කන්නාඩියෙන් ඒක පේන විදියට.ඒකට කන්නාඩිය ලග හිනා වෙවී හිටපු ජිමින්ට එක පාරට පුස් ගාලා හ්නාවක් යනකොට මමත් මහ හයියෙන් හිනා වෙන්නන්ගත්තා.හේතුවක් නැතුව අපි දෙන්න හිනා වෙනවා දැකපු ජීයුන් නුත් අපි එක්කම හිනා වෙන්න ගද්දි ජිමිනුයි මමයි ආයෙත් මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ඇත්තටම ජිමින් නිසා මගේ චරිත සහතිකේ නැත්තටම නැතිවෙලා කියලා මතක් වෙද්දිමයි.

කොහොමහරි මමත් වොශ් දාගෙන ජීයුනාවයි ජිමිනුයි එක්ක පහලට ගියේ ඔම්මා දැනටමත් අපිට කෑම ලේස්ති කරලා තිබ්බ නිසා.පහලට ගියපු ගමන්ම අපිට යොමු උන ප්‍රශ්නය තමයි ගිරිය කැඩෙනකන් හිනා උනේ මොකද කියලා.ඉතින් අප්පා එහෙම අහද්දි ඔම්මටත් හිනා.මම ජිමින් දිහා දැන් ඉතින් කියපන්කෝ වගේ ලුක් එකක් දැම්මම ජිමින් මූන ඇම්බුන් ගෙඩියක් වගේ කරගන්නවා දැක්කම මට තවත් හිනා.ඇත්තටම මම තාමත් කල්ප්නා කරනවා අද මට මොකද මේ වෙලා තියෙන්නේ කියලා.ජිමින් නිසා හතර අතේ කිච වෙනවා ඉවරයක් නෑ.කොහොමහරි අප්පවත් ශේප් කරගෙන කට්ටියම කාලා යන්න ලෑස්ති උනේ අප්පගේ රෙස්ටුරන්ට් එකට.

අප්පා ඩ්‍රයිවින් කරද්දි ඔම්ම ජීයුනාවත් අරගෙන ඉස්සරහින් වාඩි උනේ ජීයුනා ඉස්සරහින් යන්න ආස නිසා කියලා.ජිමින් මාත් එක්කම පිටිපස්සේ වාඩි උනා.අප්පාගේ රෙස්ටුරන්ට් එකට ටිකක් දුර යන්න තිබුන නිසා ලස්සන තැන් පාස් කරගෙන අපි යද්දි මමනම් හිටියේ කාර් වින්ඩෝ එකේ එල්ලිලා.ඒ අතරේ ජිමින් මොනාද කරන්නෙ කියලා මම එක පාරට හැරිලා බැලුවම ජිමින් හිටියේ මං දිහා බලාගෙන.උදේ සිද්ද උන දෙත් එක්ක අපි දෙන්නා හිටියේ ආයෙත් මූන බැලුවොත් හිනා වෙන්න ඔන්න මෙන්න.ඒ නිසාම මම ඉක්මනට ජිමින්ට ඕනෙ එකක් බලාගන්න කියලා මම ආයෙත් වින්ඩෝ එකෙන් එලියේ ලස්සන බලාගෙන ගියා.

Unexpected wishWhere stories live. Discover now