43

32 8 7
                                    

මේක ඔයාගේ ඩ්‍රෙස් එක ජිමින් ශී.ඩයෝර් වල ලේටස්ම එක.තව ඔයාට එදාට වෝග් ව්ලොග් එකකුත් තියෙනවා.

අරස්සෝ සොන්ග් ශී මම ඒක බලන්නම්.

සොන්ග් ශී එක්ක මම ආයෙම හයිබ් එකට ආවේ මගේ ඩ්‍රෙස් එක බලන්න.අපේ කොන්සර්ට් එකට කලින් අපි හත් දෙනාටම එක එක ඔකේශන්ස් තිබ්බා.මට තිබුනෙත් ඩයෝර් ෆැශන් වීක් එකට යන්න.මම ඩ්‍රෙසින්ග් රූම් එකට ගිහින් ඒක ඇදලා බැලුවේ ඒ ඩ්‍රෙස් එක මට ගානට තිබුනා.මම ඒකත් ඇදගෙන එලියට ආවේ සොන්ග් ශීට කතාකරන්න උනත් එක පාරටම එතන හිටපු කෙනා දැකලා මොහොතකට මගේ හදවත නැවතුනා කියලා දැනුනා.ඒ හිටියේ වෙන කවුරුත් නෙවෙයි මගේ නූනා.

අහ් ජිමින් ශී..ඒක ඔයාට හොදට ගැලපෙනවා.ඔයා ඔය ෆැශන් එකට කැමති නැත්තම් මට පුලුවන් වෙන ෆැශන් එකක් බලන්න.

සොන්ග් ශී මොනවද කියනවා වගේ ඇහුනත් මම එකදිගටම බලාගෙන හිටියේ නූනා දිහා.එයත් දිගටම බලන් හිටියේ මං දිහා.එයාගේ ඇස් දිලිසෙනවා.ඒ කදුලු නිසාද සතුටටද කියන්න මම දන්නේ නෑ.මොකද මේ වෙලාවේ වගේ හිතේ එක පාරටම තුබුනේ එයා ගැන තරහක් වගේම ලැජ්ජාවක්.ඒත් ඒක හුග වෙලාවක් තියාගන්න බැරිවුනු මට ඕනෙ උනා එයාව බදාගන්න... මට එයා නැතුව ගොඩක් පාලු හිතුනා කියන්න...ඇයි එහෙම කරේ කියලා අහන්න...ඒත් එයා කරේ එක දිගට මම දිහා බලාගෙන හිටපු එක විතරයි.

ජිමින් ශී....ජිමින් ශී.....ආහ් මේ ඉන්නේ ඔයාලගේ අලුත් ට්‍රාන්ස්ලේටර්...ඔන්න ඔයා එක්ක තමයි එයා මුලින්ම
වැඩ පටන් ගන්න යන්නේ...සෝල් වල XXX යුනිවසිටි එකේ ලෙක්චර් කෙනෙක් විදියටත් මෙයා වැඩ කරනවා.මේ ඉන්නේ ඔලී ලිනේසා...Sri Lanka වල ඉදන් තමයි මෙයා මෙහේ ආවේ....අහ්....ජිමින් ශී......ජිමින් ශී......

ආහ්...ආහ්...මේ සොරි සොන්ග් ශී....අන්‍යාසෙයෝ...

දේ ජිමින් ශී...අන්‍යාසෙයෝ..මන්නස්සෝ බංගවොයිඔ(හමුවීම සතුටක්)....

එයා එහෙම කිව්වත් මම කට කොනින් වගේ හිනා වෙලා ආයෙම සොන්ග් ශී දිහා බැලුවේ එයාව ගනන් ගත්තේ නෑ වගේ පෙන්නන්.මොකද මට ඕනේ උනා ඉක්මනට මෙතනින් යන්න ඒ නිසාම මම සොන්ග් ශී ගේ පැත්තට හැරිලා එයාට ඩ්‍රෙස් එකේ අඩුපාඩු බලන්න දිලා ඒවා කතා කරලා මම ඉක්මනට කම්පැනි එකෙන් එලියට ගියේ මට තවත් එයා ඉන්න තැන ඉන්න ඕනේ උනේ නැති නිසා.ඒත් එයා තාමත් හිටියේ මම සොන්ග් ශී එක්ක කරපු හැම වැඩක්ම දිහා බලාගෙන කියලා මට දැනුනා.ඒත් මම ඉක්මනට එතනින් ආවේ එයා එක්ක එතන ඉන්න ඕනෙ උනේ නැති නිසා

Unexpected wishWhere stories live. Discover now